වෝන් – මුරලි කුසලානය තැන්පත් කිරීමට දේශීය නර්තනාංගවලින් ආලෝකයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 29 ,(LNW)කොළඹ :

දුම්මල ගැහැව්වම ඉතිං ආලෝකය විහිදෙනවා තමයි.ඒත් දුම්මලවලින් වීසි වෙන ආලෝකයෙ අපේ සංස්කෘතික අනන්‍යතාවයක් තියෙනවා.ලාංකේය බලි තොවිල් සම්ප්‍රදායේ දුම්මල ප්‍රධාන දෙයක්.ඒ දුම්මල ආලෝකය වගේම දේශිය නර්තන සම්ප්‍රදායන්ගේ වෙස් මුහුණු සහිත නර්තන වගේම භේරී වාදනත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙදි දකින්නට ලැබුණෙ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලියේ වෝන් – මුරලි කුසලානය ප්‍රදර්ශනය කරමින් තරගාවලිය වෙනුවෙන් තැනපත් වෙන මොහොතෙදියි.


නාග රක්ෂා, ගුරුළු රක්ෂා, සුරබ වල්ලිය සහ නාරිලතා ඇතුළු සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික වෙස් මුහුණු ප්‍රදර්ශනය සහිත පහත රට නර්තනාංග ඇතුළත්ව ඓතිහාසික වටිනාකමක් තරගාවලියේ සමාරම්භයට පෙරාතුව සිඳුවන කුසලාන තැනපත් කිරිමට එක් කර තිබීම අගය කළ යුතුයි.පහතරට කෝලම් සම්ප්‍රදායේ එන එතෙිහාසික වටිනාකමක් සහිත එම නර්තනාංග සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ අද්වීතීය පුරාවෘත්ත දෙකක් වෙන ක්‍රිකට් ඉතතිහාසයේ දඟ පන්දු රජවරුන් ලෙස අවිවාදිත ෂේන් වෝන් මෙන්ම මුත්තයියා මුරලිදරන් නමින් නම්ව තිබෙන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග කුසලානය තැන්පත් වන මොහොතේ පසුබිමෙන් වූවේ ද බොහෝ ඓතිහාසික වටිනාකමක් ඇති ගාලු කොටුවයි.


ඕලන්ද දායාදයක් වන යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලු කොටුව වඩාත් විශේෂ වන්නේ එහි ඇතුළත සපිරි පරිපාලන අවශ්‍යයතාවන් වෙනුවෙන් සැකසි නගරයක් තිබීම නිසයි. ගෝලීය ලෙස හා මිලිටරිමය වටිනාකමක් සහිතව,එක් පසෙකින් පමණක් ගොඩ බිමට සම්බන්ධව තිබෙන ගාලු කොටුව ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත – සිත පිනවන ඓතිහාසිකව දැණුම් සම්භාරයක් එකතු කරන ස්ථානයක්.මේ වන විට මේ ඓතිහාසික වටිනාකමක් ඇති,සංචාරක වටිනාකමෙන් අනූන ගාලු කොටුව දැකීමේ ආශාව වඩවන ප්‍රධාන මාවතක් බවට සෑම ක්‍රිකට් තරගයක් පුරාම තරගය තරමටම ඇස ගැටෙන දෙස් විදෙස් ක්‍රිකට් විචාරකයන් අතින් විස්තර වෙන ගාලු කොටුවේ තොරතුරු පත්ව තිබෙනවා.


පහතින් දැක්වෙන්නේ වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් කුසලානය තැන්පත් කිරීමේ අවස්ථාවට අදාළ තොරතුරු සාරාංශ ගත කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සකස් කරන්නට යෙදුණ වීඩියෝවයි.
https://bit.ly/3EeBN5W

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...