ප්‍රමිතියෙන් උසස් ඖෂධ මෙරටට සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලසුම්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ (LNW):

ගුණාත්මක තත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරට රාජ්‍ය අංශයට සැපයීමත් එම ඖෂධ සාධාරණ මිල ගණන් යටතේ විවෘත  වෙළඳපළට අඛණ්ඩව ලබා දීමත් ඉතාමත් වගකීමක් සහිතව ඉටුකිරීම සදහා ගතයුතු සියලු පියවරයන් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැපවී ක්‍රියාකරන බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුවට සාමාජිකයින් පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ය. එම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරට රජයේ රෝහල් පද්ධතියට අඛණ්ඩව සැපයීම මෙන් ම සාධාරණ මිල ගණන් යටතේ එම ඖෂධ විවෘත වෙළදපොළට ලබාදීමේ කටයුතුවලට මග පෙන්වීමේ ප්‍රමුඛ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව වෙත පැවරෙන බව ද පැවසීය.

පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව පළමු කමිටු රැස්වීමේ සමාරම්භය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දී පැවැත්විණි.

මෙරට තුළ භාවිතා කරන ඖෂධවල යම් ප්‍රමාණයක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තුළ නිෂ්පාදනය කරණු ලබන අතර ඉතිරි ඖෂධ විදේශයෙන් ආනයනය කරන බවත්, එම ගෙන්වනු ලබන සමහර ඖෂධ වලින් ඖෂධ සමාගම් අසීමිත ලෙස ලාභ ඉපැයූ බව ද මෙම කමිටු රැස්වීමේ දී අනාවරණය විය. එමෙන් ම ඖෂධ මාෆියාවක් සමහර අවස්ථාවන්වල දී මෙරට තුළ ක්‍රියාත්මක වී තිබූ බව ද මෙහි දී කමිටු සාමාජිකයින් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දෙන ලදී.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබද මෙන් ම තම වෘත්තීය පිළිබඳ හසල දැනීමක් ඇති විද්වතුන් මෙම කමිටු දෙකෙහි සාමාජිකයන් ලෙස  පත්කිරීමට කටයුතු කිරීමේ මූලික අරමුණ මින් ඉදිරියට එවැනි අනිසි කටයුතු ඖෂධ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වීමට කිසිදු ඉඩක් නොතිබීම බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒ පිළිබඳව දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස ද නව කමිටු සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.  

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ සියලු කරුණු බලාත්මක කිරීමට පසුගිය කාලය තුළ උත්සහ නොදැරුවත්  මින් ඉදිරියට එම පනත නිසිලෙස බලාත්මක කර මෙරට අහිංසක ජනතාවට ගුණාත්මක ඖෂධ ලබාදීමේ වගකීම මෙම කමිටු දෙක දැරිය යුතු බව ද  අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

ඖෂධ සම්බන්ධයෙන් යම් ගැටලු පවතින්නේ නම් එයට විසඳුම් ලබා දීමේ අරමුණින් ජාතික අභියාචනා කමිටුව ස්ථාපිත කළ බවත් ඒ සදහා සියලු දෙනාට යහපත් අරමුණින් මෙයට දායකත්වය දැක්විය හැකි බව ද අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...