*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/29

  1. චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති වසර 02 ක ණය සහන කාලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසරකට 04 කට යටත් ඇ.ඩො. බිලියන 2.9 ක මූල්‍ය පහසුකම අනුමත කරවා ගැනීමට තරම් ප්‍රමාණවත් නැති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචිමාර්ග සඳහන් කරයි – 2022 මුල් කාලයේදී ඇ.ඩො. බිලියන 2.5 ක ණය පහසුකමක් ලබාදීමට චීනය එකඟ වී සිටි අතර, 2022 අප්‍රේල් 12 වන දින මහ බැංකුව විසින් ණය පැහැර හැරීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම අවස්ථාව අනපේක්ෂිත ලෙස ගිලිහී ගියේය.
  2. 2022 වර්ෂයේ ආර්ථික වර්ධන අනුපාතය සියයට සෘණ 11 ක් බවත් එය මෙම වර්ෂයේ සියයට සෘණ 3.5 හෝ සෘණ 4.0 විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – රට බංකොලොත්බව ප්‍රකාශ කිරීමට පෙර 2022 ආර්ථික වර්ධනය සියයට ධන 4.5 ලෙසට පැවති අතර, 2023 දී සියයට ධන 5.0 වනු ඇති බවට පුරෝකථනය කර තිබිණි – ආර්ථික වර්ධනය 2024 වර්ෂයේ සිට ධන තත්ත්වයක් ගනු ඇති බවට ද ජනපතිවරයා පුරෝකථනය කරයි.
  3. 2019 දී ඇ.ඩො. මිලියන 1.6 ක පමණ ආදායම් බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැංවීමේ බදු පැවති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – එම ප්‍රමාණය 2021 දෙසැම්බර් වන විට ඇ.ඩො. 400,000 ට පමණ පහත වැටුණු බවත්, එසේ සිදුවූයේ 2020 දී එවකට රජය විසින් බදු සහන ලබා දීම නිසා බවත්, මෙම ආදායම පහත වැටීම වත්මන් ආර්ථික අර්බුදය ඇතිවීමට හේතුවූ බවත් පවසයි.
  4. දැනට පවතින හොඳම සහ එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කොන්දේසි පැනවීමක් සිදුකර නැති බවත්, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීමක් පමණක් සිදුකර ඇති බවත් පවසයි.
  5. ජනාධිපතිගේ ආරාධනය මත එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් එළඹෙන පෙබරවාරි මුල දිවයිනට පැමිණීමට නියමිතයි – තිරසාර සංවර්ධනය සහ දේශගුණික විපර්යාසවලට අදාළව ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිත බව ද සඳහන් – යෝජිත දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ද නියමිත ය.
  6. මෙම වර්ෂයේ සිට විද්‍යුත් ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි – ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ශාඛා 54 ක් දිවයින පුරා ස්ථාපිත කෙරෙනු ඇති බව ද පවසයි.
  7. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තම ක්‍රියාන්විතයන් වහා නවතන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් දැඩි අවවාදයක් නිකුත් කරයි – එවන් අපරාධකරුවන් අල්ලා ගැනීමට සහ ඔවුන්ගේ ක්‍රියාන්විතයන් විනාශ කර දැමීමට පියවර ගන්නා බව ද පවසයි.
  8. “Twins Miss and Mr World 2023” තරඟාවලියට තරඟ වදින පුද්ගලයන් 30 දෙනෙකු ද ඇතුළුව නිවුන් සහ නිවුන් නොවන අමුත්තන් දහස් ගණනින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව Global Twins Multiple Birth Forum හි නිර්මාතෘ සහ සභාපති උපුලි ගමගේ පවසයි – මෙම උත්සවය මඟින් ශ්‍රී ලංකාවට වෙනත් රටවල්වල අවධානය ලබා ගැනීම අපේක්ෂා කරන බව ද පවසයි.
  9. මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයකු වන එම්.එම් මොහොමඩ් ට මරණ තර්ජන එල්ලවන බවට වාර්තා පළවෙයි – මීට ඉහත මැතිවරණ කොමිසමේ සාමාජික එස්.බී. දිවරත්නට මරණ තර්ජන එල්ල වූ අතර, ඔහුට නැවත වරක් මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව ද වාර්තා වෙයි – කොමිසම් සාමාජික කේ.පී.පී පතිරණට ද මීට ඉහත මරණ තර්ජන එල්ල වී තිබිණි.
  10. නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ප්‍රථම, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලානයේ වියදම් පිළිබඳ පරිපූර්ණ විගණනයක් සිදුකරන ලෙස රජයේ විගණකාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයට උපදෙස් දෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan