Sunday, March 26, 2023
spot_img

Latest Posts

මාර්තු 9 ඡන්දය පැවැත්වෙනවා. ඒක අපට විශ්වාසයි – අනුර කුමාර (VIDEO)

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වෙනිදා අනිවාර්යයෙන්ම පැවැත්වෙන්නේය යන්න තමන්ට විශ්වාස බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් තවත් ඉතිරිව ඇත්තේ එක් පියවරක් පමණක් බවයි ඒ මහතා සඳහන් කළේ.

මැතිවරණය නැවැත්වීමට දැනට ඇති එකම අවස්ථාව දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩුව පමණක් බව පැවසූ ඒ මහතා එසේවෙතත් අධිකරණ පද්ධතියේ මූලික කාර්යභාරය වන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බැවින් සහ ඡන්දය යනු ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් මාර්තු 09 වනදා ඡන්දය පැවැත්වීම ස්ථිර බවත් ඒ මහතා සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (27) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ බැංකු වෘත්තිකයින්ගේ සමුළුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.