සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය හෙවත් බ්‍රෙක්සිට් ප්‍රතිපත්තිය අසාර්කව ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර තිබේ. ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
මෙම සතියේ පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍ය සහ යුරෝපා නායකයන්ගේ සමුළුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත්,යුරෝපා සංගමය සමඟ නව ගිවිසුමකට එළඹීමට කටයුතු කරන බවත් අග්‍රාමත්‍යවරයා වැඩිඩුරටත් ප්‍රකාශ කර ඇති අතර විශේෂයෙන්ම වෙළෙඳාම, ආහාර හා කෘෂිකාර්මික නිෂ්පාදන හුවමාරුව, කාබන් විමෝචන වෙළෙඳාම සහ තරුණ තරුණියන්ට රැකියා හා අධ්‍යාපන අවස්ථා ලබාදීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් නව එකඟතා ඇති කරගැනීමට මේ හරහා අපේක්ෂා කෙරේ.
යෝජිත ගිවිසුම් ක්‍රියාත්මක කිරීම තුළින් බ්‍රිතාන්‍යයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 0.4කින් ඉහළ නැංවිය හැකි බවට ද ඇස්තමේන්තු කර ඇති අතර බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් පසු බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ හා ආර්ථික සබඳතා යළි ශක්තිමත් කිරීමේ උත්සාහයක් ලෙස මෙම සාකච්ඡා සැලකේ.

