AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!

සටහන – පුලී
නොවැම්බර් 16, LNW (කොළඹ):
 කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ බිතු සිතුවමක පැවති බරපතළ වැරදි හේතුවෙන් ලොව ප්‍රකට ක්ෂණික ආහාර ජාලයක් වන McDonald’s සමාගමට සමාව අයැදීමට සිදුව තිබේ.

බ්‍රිතාන්‍යයේ Lancashire ප්‍රාන්තයේ Blackburn නගරයේ පිහිටි McDonald’s අවන්හලක සේවකයන් විසින් මෙම බිතු සිතුවම නිර්මාණය කර තිබුණේ එම නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සහ විශේෂත්වයන් නිරූපණය කිරීමේ අරමුණිනි. කෙසේ වෙතත්, AI තාක්ෂණයෙන් නිර්මාණය කළ මෙම සිතුවමේ දක්නට ලැබුණු වැරදි හේතුවෙන් එය මේ වන විට විශාල අවධානයකට ලක්ව තිබේ.

එම බිතු සිතුවමේ Blackburn Cathedral ලෙස නම් කර තිබූ රූපයෙන් සැබවින්ම නිරූපණය වී තිබුණේ Liverpool නගරයේ පිහිටි Liverpool Metropolitan Cathedral දෙව්මැදුරයි. එමෙන්ම Blackburn නගරයේ ප්‍රසිද්ධ King George’s Hall ගොඩනැගිල්ල ලෙස හඳුන්වා තිබූ රූපයෙන් දැක්වුණේ ලන්ඩනයේ පිහිටි සුප්‍රකට Royal Albert Hall ගොඩනැගිල්ලයි.

මෙහි තවත් හාස්‍යජනක වැරැද්දක් ලෙස Blackburn Rovers පාපන්දු කණ්ඩායම 1995 වසරේදී Premier League ශූරයන් වූ බව දැක්වෙන පුවරුවේ ‘Champions’ යන වචනය වෙනුවට ‘Crampions’ ලෙස සඳහන් කර තිබීම දැක්විය හැකිය. එමෙන්ම කණ්ඩායමේ හිටපු හිමිකරු වූ Jack Walker සහ එහි ආරම්භකයකු වූ John Lewis සම්බන්ධයෙන් ද වැරදි තොරතුරු ඇතුළත් කර තිබේ.

විශේෂයෙන්ම වික්ටෝරියානු යුගයේ ඇඳුම්වලින් සැරසුණු සාමාන්‍ය ප්‍රතිමාවක් John Lewis ‘Jack’ Walker ලෙස හඳුන්වා තිබීම ද කැපී පෙනෙන දෝෂයකි. John Lewis යනු 1875 වසරේදී පාපන්දු සමාජය ආරම්භ කිරීමට සම්බන්ධ වූ පුද්ගලයකු වන අතර Jack Walker යනු Blackburn Rovers කණ්ඩායම Premier League ශූරතාව දිනාගත් සමයේ එහි හිමිකරු ලෙස කටයුතු කළ පුද්ගලයාය.

මෙම වැරදි සම්බන්ධයෙන් සමාව අයැද සිටි McDonald’s සමාගම සඳහන් කර ඇත්තේ ඉදිරියේදී මෙවැනි නිර්මාණ සිදුකිරීමේදී වඩාත් නිවැරදි තොරතුරු භාවිත කිරීමට කටයුතු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඉන්දියාවේ ඡන්ද හිමි...

අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි

කොළඹ LNW:2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස...

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...