වැඩවර්ජන ව්‍යවස්ථාවෙන්ම තහනම් කළ යුතුයි. ජනාධිපති මීට වඩා සැර විය යුතුයි – අලි සබ්‍රි (VIDEO)

Date:

ආර්ථික මර්මස්ථානවල සේවය කරන පුද්ගලයින්ට වැඩවර්ජනය කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහනම් කළයුතු බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා අවධාරණය කරයි.

“ආර්ථික මර්මස්ථාන කිහිපයක් තියෙනවා. වරාය, රේගුව, ජල සම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, GMOA එක. මේවා සියල්ලම වැඩවර්ජනය කරන එක තහනම් කරන්න ඕනෙ. ඔවුන්ට ඒ බලය ලබා නොදෙන්නට ඕනෙ අලුත් ව්‍යවස්ථාවෙන්. මොකද ඒක ස්ට්‍රයික් කරන එක හරි අපරාධයක් නෙ. කොහොමද ස්ට්‍රයික් කරන්නෙ ? ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සීමා කරන්න ඕනෙ කියන තැන මම හිතනවා. මොකද ඒගොල්ලො ඒකට එන තැනම හිතාගන්න ඕනෙ – දැන් හමුදාවට ස්ට්‍රයික් කරන්න බෑනෙ, පොලිසියට ස්ට්‍රයික් කරන්න බෑනෙ. ඒ හා සමානව මේ ආර්ථික මර්මස්ථාන. දැන් සිම්ප්ල් දේකටත් ස්ට්‍රයික් නෙ කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක, ඒක එක.

දෙවැනි විකල්පය තමයි ඒකට ගැලපෙන ආකාරයට ක්ෂණික විහිදුම් බලකායක් අපි නිර්මාණය කරන්නට ඕනෙ. ඒගොල්ලො ස්ට්‍රයික් කළත් වැඩකරන්න පුළුවන් විදියට.

මම හිතනවා ජනාධිපතිතුමා පොඩ්ඩක් ලිහිල් වැඩියි. ඊට වඩා පොඩ්ඩක් සැරට වැඩ කරන ජනාධිපත්වරයෙක් තමයි මේ ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ. අපි ඒක කියලාත් තියෙනවා. විශේෂයෙන්ම ඔය වගේ. හොඳටම පේනවා, කඩාකප්පල් කිරීමේ ලොකූ න්‍යායපත්‍රයක් ක්‍රියාත්මකයි. රට ගැන කිසිම හැඟීමක් නෑ. හැම එකටම දේශපාලනඥයින්ට බනිනවා. කවුරුහරි දඩමීමා කරගන්නවා. කවුරුහරි පුද්ගලයෙක් හොයාගෙන එයාට කතාකරනවා, තමන්ගෙ යුතුකම ඉෂ්ඨ කරන්නෙ නැතුව. ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබනවා නම් දේශපාලනඥයොද ඒකට වගකියන්න ඕනෙ ? එතන වැඩකරන අය වගකියන්න ඕනෙ නැද්ද ? ඉංජිනේරුවෝ වගකියන්න ඕනෙ නැද්ද ? සේවකයො වගකියන්න ඕනෙ නැද්ද ? ඉතින් මේක සංකීර්ණ දෙයක්. කාලයක් තිස්සේ ආපු දෙයක්. මේකට ඉතා ඉක්මනින් විසඳුම් දෙන්නට බෑ. නමුත් පෞද්ගලිකව මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා පොඩ්ඩක් ලිහිල් වැඩියි. මීට වඩා සැර ජනාධිපතිවරයෙක් තමයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණේ”

මොහොමඩ් අලි සබ්‍රි මහතා මේ බව පැවසුවේ පසුගියදා නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවේ පැවති සංවාදයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...