Update: බයිඩන්, යුක්රේනය වෙනුවෙන් නැගෙනහිර යුරෝපයට ඇමරිකානු හමුදාව යවයි

0
777

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, නැගෙනහිර යුරෝපය තුළ රැඳී සිටින NATO හමුදා ඛණ්ඩය ශක්තිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් ඇමරිකානු සොල්දාදුවන් නැගෙනහිර යුරෝපයට යැවීමට අපේක්ෂා කරයි.යුක්රේන දේශසීමාව අසල රුසියාව විසින් භටයන් ස්ථානගත කිරීමත් සමග මෙම තත්වය උද්ගත ව ඇත. තමන් යුක්රේනය ආක්‍රමණය කිරීමට අදහස් නොකරන බව පුටින් නැවත නැවතත් කියා ඇති නමුත්, පවත්නා තත්වය අනුව යුක්රේනය විසින් NATO හමුදාවේ සහාය ඉල්ලා තිබේ. කෙසේ වෙතත් යුක්රේන හමුදාව සහ NATO හමුදාව එක්ව සටන් නොකරන බවට ප්‍රතිඥාවක් ද පවතියි.

එයට එක් හේතුවක් වන්නේ යුක්රේනය NATO සාමාජිකයෙකු නොවීමයි.

”මම ඇමරිකානු භටයන් සුළු සංඛ්‍යාවක් හෝ නැගෙනහිර යුරෝපය වෙත යවනවා” යැයි බයිඩන් ජනපතිවරයා කියා තිබේ. ඒ අනුව යවන භට සංඛ්‍යාව ද තවම නිශ්චිත නැත. කෙසේ වෙතත්, මේ සතියේ පෙන්ටගන් ප්‍රකාශක ජෝන් කර්ස්බි පවසා තිබුණේ NATO සහාය සඳහා භටයන් 8,500 ක් දෙනා යැවීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර පෝලන්තය, රොමේනියාව වැනි රටවල සිටින NATO හමුදා භට ඛණ්ඩවල ප්‍රමාණය ඉහළ දැමීමට ද බයිඩන් සූදානම් වන්නේ, අවශ්‍ය වුවහොත් ඔවුන් ව ද යුක්රේනයේ ආරක්ෂාව සඳහා යෙදවීමේ අරමුණිනි.

මේ අතර පහත දැක්වෙන්නේ රුසියාව විසින් යුක්රේනයේ දේශසීමා රැසකම රුසියානු භටයන් දැනටමත් රඳවා තබා තිබෙන ආකාරයයි.

OUTBOUNDTODAY – AMALI JAYAWEERA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here