Update: බයිඩන්, යුක්රේනය වෙනුවෙන් නැගෙනහිර යුරෝපයට ඇමරිකානු හමුදාව යවයි

Date:

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, නැගෙනහිර යුරෝපය තුළ රැඳී සිටින NATO හමුදා ඛණ්ඩය ශක්තිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් ඇමරිකානු සොල්දාදුවන් නැගෙනහිර යුරෝපයට යැවීමට අපේක්ෂා කරයි.යුක්රේන දේශසීමාව අසල රුසියාව විසින් භටයන් ස්ථානගත කිරීමත් සමග මෙම තත්වය උද්ගත ව ඇත. තමන් යුක්රේනය ආක්‍රමණය කිරීමට අදහස් නොකරන බව පුටින් නැවත නැවතත් කියා ඇති නමුත්, පවත්නා තත්වය අනුව යුක්රේනය විසින් NATO හමුදාවේ සහාය ඉල්ලා තිබේ. කෙසේ වෙතත් යුක්රේන හමුදාව සහ NATO හමුදාව එක්ව සටන් නොකරන බවට ප්‍රතිඥාවක් ද පවතියි.

එයට එක් හේතුවක් වන්නේ යුක්රේනය NATO සාමාජිකයෙකු නොවීමයි.

”මම ඇමරිකානු භටයන් සුළු සංඛ්‍යාවක් හෝ නැගෙනහිර යුරෝපය වෙත යවනවා” යැයි බයිඩන් ජනපතිවරයා කියා තිබේ. ඒ අනුව යවන භට සංඛ්‍යාව ද තවම නිශ්චිත නැත. කෙසේ වෙතත්, මේ සතියේ පෙන්ටගන් ප්‍රකාශක ජෝන් කර්ස්බි පවසා තිබුණේ NATO සහාය සඳහා භටයන් 8,500 ක් දෙනා යැවීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර පෝලන්තය, රොමේනියාව වැනි රටවල සිටින NATO හමුදා භට ඛණ්ඩවල ප්‍රමාණය ඉහළ දැමීමට ද බයිඩන් සූදානම් වන්නේ, අවශ්‍ය වුවහොත් ඔවුන් ව ද යුක්රේනයේ ආරක්ෂාව සඳහා යෙදවීමේ අරමුණිනි.

මේ අතර පහත දැක්වෙන්නේ රුසියාව විසින් යුක්රේනයේ දේශසීමා රැසකම රුසියානු භටයන් දැනටමත් රඳවා තබා තිබෙන ආකාරයයි.

OUTBOUNDTODAY – AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...