*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

ඔමික්‍රොන් ආසාදිත තවත් 82ක් හඳුනාගනී

මෙරටින් තවත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 82 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය තුළ සිදුකරන ලද සාම්පල් 88 පරීක්ෂාවකිනුයි එම 82 දෙදෙනා හඳුනාගෙන ඇත්තේ.

ඔවුන්ද අනු ප්‍රභේද 02 ක ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බව දැක්වෙයි.

පසුගිය සතියේදී සමාජයෙන් ලබාගත් සාම්පලවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,කැස්බෑව, මතුගම යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය පවසයි.

සෙසු සාම්පල් සාම්පල් 06 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බව හඳුනාගෙන ඇත.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා වී ඇත්තේ හොරණ, මතුගම සහ පානදුර යන ප්‍රදේශවලිනි.

ඒ අනුව මේ වන විට රට පුරා කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන හෙයින් තවදුරටත් එම එන්නත්කරණය ලබා ගැනීමේ අවශ්‍යතාව පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan