සෝමාලි මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගත් ශ්‍රී ලාංකික යාත්‍රාව මුදාගැනේ !

Date:

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ග්‍රහණයට ගත් “ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්‍රාව සීෂෙල්ස් නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ සීෂෙල්ස් නාවික හමුදාව සිදුකළ මෙහෙයුමේදී මුහුදු කොල්ලකරුවන් තිදෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම යාත්‍රාව සීෂෙල්ස් නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර එහි සිටි ධීවරයින් 6 දෙනාම නිරුපද්‍රිතව සිටින බව සීෂෙල්ස් නාවික හමුදාව තහවුරු කර තිබේ.

මේ වනවිට එම ධීවර යාත්‍රාව සීෂෙල්ස් හි වික්ටෝරියා අගනුවර වෙත රැගෙන යමින් පවතින බව සඳහන්.

ජනවාරි 12 වනදා මෙරටින් පිටත් වූ මෙම යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු ද සමගින් පසුගිය 27 වනදා සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් ග්‍රහණයට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...