ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW):හිටපු අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී.අනුර කුමාර මහතා විශ්‍රාම යාම හේතුවෙන්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස වත්මන් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ඩී.ඩී.ජී.අනෝජා සෙනෙවිරත්න මිය රාජකාරි භාර ගෙන ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.අනෝජා සෙනෙවිරත්න මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා වේදී උපාධිධාරිනියක් වන අතර, ඇය 1990 වර්ෂයේ සිට දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරමින් මේ දක්වා වසර 33ක කාලයක් දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල මෙන්ම විවිධ අමාත්‍යාංශ වලට අයත් සංඛ්‍යාලේඛන අංශවල සේවය කර ඇත.

2017වර්ෂයේ සිට ජන සංගණන හා ප්‍රජා විද්‍යා අංශයේ සහ සිතියම් විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ධූර දරමින් කටයුතු කළ එතුමිය 2019 වර්ෂයේ සිට මේ දක්වා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් 1 තනතුරේ සේවය කරමින් වර්තමාන ජන හා නිවාස සංගණනය මෙහෙයවීමේ කටයුතු මෙන්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශ ගණනාවක අධීක්ෂණය භාරව කටයුතු කෙරිණි

ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික සංඛ්‍යානය පිළිබද පශ්චාත් උපාධිය එම විශ්ව විද්‍යාලයේම පරිගණක තාක්ෂණය පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ආර්ථික සංවර්ධනය පිලිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ,කොළඹ විශ්ව විද්‍යාලයේ ම ජනගහන අධ්‍යයනය පිළබදව පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරිනියක්ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...