වතු කම්කරු ප්‍රජාවට සුබ දිනයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW :

අද (30) දින වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩිකිරීමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ අදාල ගිවිසුම් ගත වීම සිදු කෙරෙන බව සඳහන් වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද 2025 අයවැය මගින් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරු වැටුපද රුපියල් 1,700/- ක් දක්වා ඉහල නැංවීමට යෝජනා විය.

ජනාධිපතිවරයා විසින් 2026 අය-වැය මඟින් වතු කම්කරු ප්‍රජාවගේ මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා රුපියල් 200කින් ද, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් ද රජය විසින් ගෙවීමටද යෝජනා කළ අතර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක මුදලක් ද අය-වැයෙන් වෙන් කර ඇත. මේ අනුව වතු කම්කරු ජනතාවගේ වැටුප රුපියල් 400කින් වැඩි වන අතර, එය වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ ගෙවුණු වසර 200ක කාලය තුළ ලැබෙන ඉහළම වැටුප් වැඩි වීමද මෙයයි.

ඒ අනුව, අද (30) පෙරවරු 9.00 ට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයත්, කම්කරු අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ අදාළ ගිවිසුම්ගත වීම සිදු කෙරෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘වේල්ගේ අවසාන පැතුම’: පුතාගේ අවමංගල්‍යය සඳහා ටෙක්සාස් මිනිසා නිදහස් කිරීම ICE ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 30 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආගමන...

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...

රනිල් GMOA එකට දුන් රජයේ ඉඩම ආපහු ගනී!

කොළඹ LNW:නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන...

තේරීම් කමිටුවේ තීරණ එක්ක වාද කරන්න බැහැ,අපි එයාලට ගරු කරන්න ඕනි – නායක දසුන් ශානක

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹෙන...