සෑම බදාදාවකම පාසල් නිවාඩුයි: එදිනට උපකාරක පන්ති පැවැත්වීම ද තහනම්!

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජය විසින් සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මෙම තීරණය පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ පද්ධතියට ද සෘජුවම බලපාන අතර එදිනට උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් වේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය, වරාය, ජලය සහ බලශක්ති වැනි අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම නිවාඩුව එම අංශවලට අදාළ නොවන බව අවධාරණය කර ඇත.

රටේ වත්මන් තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම පියවර ගෙන ඇති අතර ඉදිරි කටයුතු අධීක්ෂණයට විශේෂ කමිටු හතරක් ද පත් කර තිබේ.

මෙම වැඩපිළිවෙළ මගින් බලශක්ති හිඟය හමුවේ රාජ්‍ය අංශයේ කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...