*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ලොන්ඩන් පිටියේදී යුද හමුදාව සහ සීආර් කණ්ඩායම් ජයග්‍රහණ බෙදා ගනියි

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් සූරතාවලිය යටතේ ලොන්ඩන් පෙදෙසේ පිහිටි සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා පිටියට පැමිණි යුද හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අතරින් යුද හමුදා ක්‍රීඩිකාවෝ විශිෂ්ඨ ජයක් අත් කර ගන්නට සමත් වූහ.ඒ ලකුණු64 – 00 ක් ලෙසින්ය.නමුත් ඒ අවමානය අවම කර ගත් සීආර් ක්‍රීඩකයෝ මේ තරගවාරයේ පෙන්නුම් කරන දක්ෂ ක්‍රීඩා රටාව තව දුරටත් සුරැක ගනිමින් යුද හමුදා ක්‍රීඩකයන්ට 22 – 18 ක් වූ පරාජයක් අත් කර දුන්හ.


කාන්තා තරගයේදී යුද හමුදා කණ්ඩායමේ ප්‍රහාරය මැඩලන්නට ක්‍රීඩකත්වය ඉක්මවා වමින් කටයුතු කරන්නට පවා සීආර් ක්‍රීඩිකාවන් පෙළඹුණු අවස්ථා දකින්නට තිබුණ අතර එවැනි අවස්ථාවක සීආර් නායිකා කාංචනා මහේන්ද්‍රන් රතු කාඩ් අවවාදයකට ලක් වූවාය.ලොන්ඩන් පිටිය මුල සිටම යුද හමුදා පාලනයය නතු කර ගන්නට සමත් වූ එම ක්‍රීඩිකාවන් අතරින් නිසංසලා පියුමි උත්සාහක දිණුම් තුනක් වාර්තා කරන්නට සමත් විය.එසේම චරිනි ලියනගේ සහ අයේශා ජයසුන්දර උත්සාහක දිණුම් දෙක බැඟීන් වාර්තා කළ අතර සනෝජා රණසිංහ,සෞම්‍යා සුභාෂි සහ මධුභාෂිණි නිලුක්ෂි එක් උත්සාහක දිණුම බැඟින් වාර්තා කරන්නට සමත් විය.



එසේ එකතු වූ උත්සාහක දිණුම් දහයෙන් හතක්ම නිවැරදි ඉලක්කයට යොමු කරමින් සාර්ථක ප්‍රවර්ථන බවට පත් කරන්නට චරිනි ලියනගේ සමත් වූවාය.ඒ අනුව චරිනි තරගයේ යුද හමුදාව ලැබූ ලකුණු 64 න් 24 ක හිමිකාරිය වූවාය.
සීආර් ක්‍රීඩකයින් සහ යුද හමුදා ක්‍රීඩකයන්ගේ හමුවේ දී තරගයේ පූර්ව භාගයේදී සීආර් ක්‍රීඩකයන් වැඩි දස්කම් දක්වමින් ලකුණු 14 – 07 ක් ලෙස පෙරමුණ ගත්තේය.නමුත් දෙවන අර්ධයේදි යුද හමුදා ක්‍රීඩකයින් වැඩි ගෞරවය දිනා ගනිමින් ලකුණු 11 ක් ලබා ගත්තේ සීආර් ක්‍රීඩකයින්ව ලකුණු 8 සීමා කරමින්ය.නමුත් තරගයේ ප්‍රථම අර්ධයේදී ලබා ගත් වාසිය නිසා තරගයේ සමස්ත ජය සීආර් කණ්ඩායමට හිමි විය.
සීආර්කණ්ඩායම උත්සාහක දිණුම් තුනකින් සහ එහි සාර්ථක කර ගත් ප්‍රවර්ථන දෙකකිනුත්,එක් නිදහස් පහරකිනුත් ලකුණු රැස් කර ගැනීමට සමත් විය.කළිඳු නන්දිලු,මනිල්ක රුබේරු සහ රවීන් ද සිල්වා සීආර් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් වාර්තා කරන්නට සමත් විය.ඉන් දෙකක ප්‍රවර්ථන සාර්ථක කරන්නට දායක වූයේ තේනුක නානායක්කාරය. සීආර් කණ්ඩායම වෙනුවෙන් මොහාන් චතුර ද සාරථක නිදහස් පහරකින් ලකුණු එකතු කරන්නට සමත් විය.



යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සුදාරක දික්කුඹුර රැස් කරන ලද උත්සාහක දිණුම් දෙකෙන් එකක පරිවර්ථනය සාර්ථකව නිමා කළ චතුරංග ඩිල්ෂාන් ඊට අමතරව පොලිස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක නිදහස් පහර දෙකකින් ද ලකුණු ලබා දුන්නේය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan