“ඩිස්කෝ” හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් දැලේ…

Date:

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා හෙවත් “ඩිස්කෝ” නැමති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග අත්අඩංගුවට පත්ව ඇත.

42 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ නිවස පරීක්ෂා කිරීමේ දී තියුණු ආයුධ 4ක් සහ ඇය සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 14ක් සොයාගෙන ඇත.

විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (29) දින මෝදර, පන්සල පාර, කොළඹ 15 යන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණු අතර සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදෙස්ගතව ප්‍රංශයේ ජීවත්වන “රූබන්” නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ ඍජු සබඳතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල ලබාදෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...