“ඩිස්කෝ” හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් දැලේ…

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා හෙවත් “ඩිස්කෝ” නැමති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග අත්අඩංගුවට පත්ව ඇත.

42 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ නිවස පරීක්ෂා කිරීමේ දී තියුණු ආයුධ 4ක් සහ ඇය සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 14ක් සොයාගෙන ඇත.

විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව (29) දින මෝදර, පන්සල පාර, කොළඹ 15 යන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණු අතර සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදෙස්ගතව ප්‍රංශයේ ජීවත්වන “රූබන්” නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ ඍජු සබඳතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල ලබාදෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තියුණු තරගයකින් අනතුරුව පකිස්තානය පරදා ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW : නැගී එන ක්‍රිකට්...

ඉන්ධන මිල සංශෝධනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: ලංකා ඛනිජ තෙල් නීතිගත...

සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය හෙට වර්ජනයට නෑ

හෙට (30) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට තමන් කිසිදු...

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අපි නෑ: ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: හෙට (30) දිනයේ ක්‍රියාත්මක...