නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ සජබෙ..

Date:

අද (30) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් ට දඬුවම් දිය යුතු බව පවසමින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ පිළිබඳ මාධ්‍යට ඇදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා –

“අපිට ලොකු ප්‍රශ්නයක් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුව හැංගුවේ කවුද කියන එක. අපිට පේනවා කවුරු හෝ හංගලා තියෙනවා. මේ හංගලා තියෙන තැනින් එළියට අරගෙන ඒ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සමග ඉන්න කණ්ඩායමට දඬුවම් දියයුතුමයි අධිකරණයෙන්. ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සුන්ගේ අයිතිවාසිකම් එක්ක අහිංසකව ජීවත් වෙච්ච, පල්ලියට ගිය අහිංසක මිනිස්සුන්ව අමු අමුවේ මරා දැම්මා. ඒ මරාදැම්ම එක අවුරුදු ගානක් ගිහින් අල්ලන්න බැරි නම් ඒ අයට බලයේ ඉන්න අයිතියක් නෑ. ඒ විතරක් නෙමෙයි මේක හංගන මිනිස්සුන්වත් මහ මොළකරුගෙන් යම් කිසි ක්‍රියාදාමයකට නතුවෙලා ඉන්න කණ්ඩායමක් ඉන්නවා නම් ඒ අයටත් අවශ්‍ය දඬුවම් දෙන්න ඕනේ. අපි නීතියේ සාධාරණත්වය ඉල්ලනවා. සමගි ජන බලවේගය හැටියට අපේ රජයක විතරක් නෙමෙයි වර්තමානයේ දැන් මේක කරන්න ඕනේ. දැන් කරන්න ඕන බලකිරීම කරන්න තමා අද මේ සුදානම. අපි මේක අතහරින්නේ නෑ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...