හාල් ගිනි ගණන් කියන්නේ සම්පූර්ණ බොරුවක් – ඇමති බන්දුල

Date:

සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි යන්න සහල් මාෆියාව විසින් පතුරුවා හරින සම්පූර්ණ අසත්‍යයක් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“මේ සම්පූර්ණ බොරු එකක් තමයි සහල් ගිනි ගණන් කියලා අර සහල් මාෆියාව විසින් ගෙනියන වැඩසටහනක් මේ තියෙන්නෙ. අද තොග කැකුළු හාල් කිලෝවක් මේ වෙළඳපොලේ මේ මොහොතේ විකුණන්නෙ රුපියල් 100 ට. නාඩු කිලෝවක් මේ මොහොතේ විකුණන්නෙ 105 ට. සම්බා කිලෝවක් විකුණන්නෙ 118 කට. මේක සිල්ලර මිලට වෙනකොට, වෙන පළාත්වලට යනකොට රුපියල් 2.05 – 3.00 ක ප්‍රවාහන වියදමක් තියෙනවා. ඊට අතිරේකව බෑග් එකක් දෙනවා නම් ඒ බෑග් එකට වියදමක් තියෙනවා රුපියල් 3.00 – 3.50 ක. ඊට පස්සේ සිල්ලර වෙළෙන්දෙක්ගෙ ලාභයක් තියෙනවා. මේවා ඔක්කොමත් එකතු කරගෙන විකුණන්න පුළුවන් ඉතාම ඉහළ සාධාරණ මිල තමයි සතොස නියම කරලා තියෙන්නෙ. සතොසේ 105 යි නාඩු. 108 යි සම්බා අද ඉඳන්. කිලෝ 10ක් පාරිභෝගිකයාට දෙනවා”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (29) දිනයේදී පිටකොටුවේ සහල් තොග වෙළඳසැල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් සාමාන්‍යයෙන් සිල්ලර වෙළඳපොලේ මේ වනවිටත් සහල් අලෙවි කරෙන්නේ අමාත්‍යවරයා පවසන මිල ගණන්වලට වඩා අතිවිශාල මුදලක් වැඩියෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...