මහින්දගේ සල්ලිවලට ඔයිට කලිනුත් විදලා …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් ගිණුමකින් ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත් ලොකුබණ්ඩාර විසින් මුදල් ඇදීමේ කතාව තවමත් මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ කතාබහකදී අගමැතිවරයා සිය හිතවතුන් සමග පවසා ඇත්තේ තමන්ගේ ගිණුමකින් මුදල් සොරකම් කෙරුණු පළමු අවස්ථාව මෙය නොවන බවයි.

මීට දශක දෙක හමාරකට – තුනකට ඉහතදී හම්බන්තොට උසාවියෙහි සේවය කළ, සමීප හිතවතෙකු වූ නීතීඥයෙකු ද මේ ආකාරයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමකින් මුදල් ඇද ඇත.

ඒ, චෙක්පත් මාර්ගයෙනි. මහින්ද රාජපක්ෂ මහතා දැඩි විශ්වාසය මත තම චෙක්පොත අත්සන් කර එකී නීතීඥවරයා සන්තකයෙහි තබා ඇති අතර එක් අවස්ථාවක චෙක්පතක් බැංකුවෙන් අගරු කළ පසුව කළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ එම නීතීඥවරයා බැංකු ගිණුමේ තිබුණු මුදල් ලබාගෙන ඇති බවකි.

අදාළ නීතීඥවරයා මේ වනවිට අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහුගේ පුත්‍රයා දැනට නාමල් රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලයෙහි සේවය කරන බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...