කාන්තා අයිතීන් තහවුරු වීම සඳහා කාන්තාව කුටුම්භ ළිං වලෙන් මිදී සමාජ සත්වයෙක් බවට පත්විය යුතුය. ඒ සඳහා ඇයට රැකියා අවස්ථා නොඅඩුව විවෘත සමාජය තුල තිබිය යුතුය.
කාන්තාවන්ට රැකියා අවස්ථා අල්පවූ විට ඇයට සිදුවනුයේ පවුල තුළ පුරුෂයා සහ දරුවන් වෙනුවෙන් කැපවුණ සහ පුරුෂයා මත යැපෙන ගෘහ සේවිකාවක් ලෙස දිවි ගෙවීමට සිදුවීමය.
ධනේශ්වර සංවර්ධනය හරියාකාරව සිදුනොවූ රටවල්වල පිරිමින්ටත් වඩා ගැහැනුන්ට රැකියා අවස්තා අල්පය.
කාන්තාවන්ට රැකියා අවස්ථා අඩු වීමට තාමත් නොනැසී පවතින පැරණි වැඩවසම් සාදාචාරවාදයන්ද හේතුවී ඇත. රාත්‍රිය තුළ වැඩකිරීමට ඇයට ඇති අවස්තාවලටද පැරණි සදාචාරය හරහට හිටී.
මෙතෙන්දි ඇයගෙ ඉරණම විසඳෙන්නේ මොනයම් හෝ ජීවන උපායක් සහ වාසස්ථානයක් හිමි පුරුෂයකුගේ නිවසකට ඇය උපකරණයක් ලෙස රැගෙනයාමකිනි (කැන්දාගෙන යාම). අනතුරුව ඔහුගේ හා දරුවන්ගේ සේවයට ඇය කොටුවේ.
මෙතනදී ඇයගෙ මුළු ලෝකයම නොදැනීම මුළුතැන් ගෙය බවට පත්වේ..
ඊඟට ඇයගේ යට ඇඳුමේ සිට සියළු වස්ත්‍රයන්ද කනබොන සියල්ලද පිරිමියා මතම යැපීමට සිදුවේ..
එහිදී ගෘහමූලිකයා සියල්ලෙහි ගරුකටයුතු හිමිකරුවීම වැලක්විය නොහැකිය..
පුරුෂයාගෙන් ඇයට සිදුවන ගැහැට ද සතුටින් විඳදරාගන්නවා හැර ඇයට විකල්පද නැත..
පවුලේ ආර්ථික තත්වය අයහපත් වෙන්න වෙන්න තත්වය තවතවත් අසුබ වේ..
මේ සන්තතියට අනුව ලංකාව වැනි රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම කාන්තා අයිතීන් ද මතුපිට ව්‍යවස්ථාමය සැරසිල්ලක් විනා සමාජ අභ්‍යන්තරය තුළ නිර්මාණය විය හැක්කක් නොවේ ….
- ප්‍රියශාන්ත රාජපක්ෂ
RN