තවත් අභිරහස් මරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 31, කොළඹ (LNW):

අද (31) අළුයම 3.30ට පමණ , කඹුරුපිටිය පොලිස් වසමේ දී කාන්තාවක් ඝාතනය කර ඇති අතර,පොලීසිය සැකකරන්නේ, පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස 34ක් වූ අවිවාහක කාන්තාවක් වන අතර, ඇය ගුරුවරියක් බව සඳහන් වේ. පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඇගේ ඝාතනය කවුරුන් විසින් සිදුකර ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ වන විට, මෙම ඝාතනයට සැකපිට ඇගේ වැඩිමහල් සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව තමන් විසින් මෙම ඝාතනයකල බවට සැකකාර පුතාට සහ පොලීසියට ලියන ලද ලිපියක් මරණකාරිය වැටී සිටින නිවසේ සාලයේ මේසයක් මත තිබී සොයාගෙන ඇති බව වාර්තා වේ. කඹුරුපිටිය පොලිස් ස්ථානය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...