තවත් අභිරහස් මරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 31, කොළඹ (LNW):

අද (31) අළුයම 3.30ට පමණ , කඹුරුපිටිය පොලිස් වසමේ දී කාන්තාවක් ඝාතනය කර ඇති අතර,පොලීසිය සැකකරන්නේ, පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස 34ක් වූ අවිවාහක කාන්තාවක් වන අතර, ඇය ගුරුවරියක් බව සඳහන් වේ. පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඇගේ ඝාතනය කවුරුන් විසින් සිදුකර ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ වන විට, මෙම ඝාතනයට සැකපිට ඇගේ වැඩිමහල් සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව තමන් විසින් මෙම ඝාතනයකල බවට සැකකාර පුතාට සහ පොලීසියට ලියන ලද ලිපියක් මරණකාරිය වැටී සිටින නිවසේ සාලයේ මේසයක් මත තිබී සොයාගෙන ඇති බව වාර්තා වේ. කඹුරුපිටිය පොලිස් ස්ථානය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...