ජනාධිපති ට්‍රම්ප්ට මෙටා වෙතින් ඩො. මි. 25ක වන්දියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට මෙටා සමාගම එකඟත්වය පළකර තිබෙන බව වාර්තා වේ.

2021 වසරේ ජනවාරි 06වන දින ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් කැරළිකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස් බුක් ඇතුළු මෙටා සමාගමට අයත් ගිණුම් අක්‍රිය කිරීමට එම සමාගම පියවර ගත් බව වාර්තා වූ අතර, ඊට විරුද්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු පැවරීමටයි කටයුතු කළේය.

එම වන්දි මුදලින් ඩොලර් මිලියන 22ක ප්‍රමාණයක් ට්‍රම්ප් පිහිටුවීමට නියමිත ජනාධිපති පුස්තකාලයට ප්‍රදානය කෙරෙන අතර ඉතිරි මුදල නඩු වියදම් ලෙස ලබාදීමට නියමිත බව සඳහන් වේ.

තවද, මෙවර ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට මීට ඉහත දී විරෝධය පළකළ මාර්ක් සකර්බර්ග් ඇතුළු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් රැසක් සහාය දැක්වීමට ඉදිරිපත්වූ බවද වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුර ඇඟවීම් තුනක් ඉවතට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව නිකුත්...

ලෝක වාර්තාවක් බිඳවැටුණු Rawalpindi හි ඓතිහාසික එක්දින තරගය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන්...

ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සිදුකළ පළමු...