සිංහල සංස්කෘතික ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

Date:

සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත උපදෙස් දුන්නේය.

මෙරට සංස්කෘතික අනන්‍යතාව සුරකින සිංහල සංස්කෘතික ආයතනයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය හා සිංහල සංස්කෘතික ආයතනය එක්ව ඒකාබද්ධ කමිටුවක් පත් කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබුවේ සිංහල සංස්කෘතික ආයතනයේ භූමිය සම්බන්ධව ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සකච්ඡාවේදී ය.

සිංහල සංස්කෘතික ආයතනය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සිංහල සංස්කෘතික ආයතනය පවතින භූමියේ වාණිජමය වටිනාකම ඉතා ඉහළ බැවින් ආයතනයේ ගොඩනැඟිලි පහසුකම් සංවර්ධනය කර ආයතනයට ගැළපෙන ක්‍රියාකාරකම් මගින් ආදායම් ඉපැයීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඒ සඳහා යම් මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය නම් එය සංස්කෘතික අමාත්‍යාංශය හරහා ලබාදීමට අවශ්‍ය කටයුතු කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දැනට සිංහල සංස්කෘතික ආයතනයේ සාමාජිකයෝ 300ක් පමණ සිටින අතර, තවදුරටත් එම සාමාජිකත්වය පුළුල් කර උගත් තරුණ පරපුරට අවස්ථාව සළසා දීම තුළින් නව අදහස් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, සිංහල සංස්කෘතික ආයතනයේ හිටපු සභාපති ජීවන් කුමාරතුංග යන මහත්වරු සහ සිංහල සංස්කෘතික ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ අදාළ ආයතනවල රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...