*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ජපානයෙන් රුපියල් මිලියන 104 ක ප්‍රතිජීවක ඖෂධ ආධාරයක්…

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ රුපියල් මිලියන 104 ක පමණ තොගයක් ජපන් රජයේ ජයිකා (Jica) ආධාර ව්‍යාපෘතිය යටතේ අද (30) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ඖෂධාධාර තොගය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පලමු ලේකම් කෙන්ජි ඔහාෂි  මහතා (Mr. Kenji Ohashi) විසින් නිල වශයෙන් භාර දුන්නේය.

මේ යටතේ ප්‍රදානය කරන ප්‍රතිජීවක ඖෂධ එන්නත් අතර Cefotaxime 1g vial 240,000 / Ceftriaxone 1g Vial 450,000 / Vancomycin 1g Vial 60000 වේ. මෙරටට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් ජපන් රජයෙන් කළ ඉල්ලීම මත මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත එම රජය විසින් එම ආධාර තොගය ලබාදීම විශේෂත්වයකි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා.

ජපන් රජය මෙන්ම එම ජනතාව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය උදෙසා සුවිශාල දායකත්වයක් ලබාදී ඇති බවත් එය ඉහළ මිළ කළ නොහැකි වටිනාකමක් බවත් පැවසීය. මෙතෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදුන් සහයෝගය මෙන්ම විශේෂයෙන් මෙම අර්බුදකාරී අවස්ථාවේ ලබාදෙන සහයෝගය ශ්‍රී ලංකාවේ යම් අර්බුදකාරී තත්ත්වයක් ඇත්නම් එයින් මිදීමට හේතු වනු ඇති බවත් අමාත්‍යවරයා කීය. විශේෂයෙන් අර්බුදය මධ්‍යයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නව මාවත් වලට යොමුව ඇතැයි ද ඒ තුළ කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් කරා යොමු වෙමින් පවතින්නේ යැයි ද ඒ මහතා පැවසීය.

දිගු කාලීන විසඳුම් ලෙස මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමුකර ඇති බවත් ඔයාමඩුව  “සුවසිරිපුර” ඖෂධ කර්මාන්ත පුරය එහි ප්‍රධාන ඉලක්කයක් බවත් එයට අමතරව මේ වන විට හම්බන්තොට, බිංගිරිය ප්‍රදේශවල ඖෂධ කර්මාන්ත ශාලාවන්හි ඖෂධ නිෂ්පාදනය කෙරෙහි ද සැලැසුම් හා ඉලක්ක ගත කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ ගෙන්වීමේදී බදු සහන ලබා දීමටත් එම නිෂ්පාදන රජය විසින් පසු  මිලදී ගැනීම සිදු කරමින් මෙරට ඖෂධ නිෂ්පාදන ඉහළ නැංවීම හා දිරිගැන්වීම කෙරෙහි රජය සුවිශේෂී අවධානයක් යොමු කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජපන් රජය හා ජනතාව වැටුණු සෑම විටම දැඩි අධිෂ්ඨානයෙන් හා ඉහළ කැපවීමෙන් මෙන්ම දරාගැනීමේ තත්ත්වයන් තුළ ඔවුන්ගේ ඉලක්ක පසු කර ඇතැයිද ශ්‍රී ලංකාව ද මෙම අසීරු කාලයේ ජපානයේ එවැනි ආදර්ශයන් ඔස්සේ නැගී සිටීමට අරමුණු කරගත යුතුයැයිද ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් කෙන්ජි ඔහාෂි  මහතා (Mr. Kenji Ohashi).

ජපන් රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ආධාර සිදුකරන බවත් ඉදිරියටත් එම තත්ත්වය ඔස්සේ ක්‍රියා කරමින් කටයුතු කරන බවත් පැවසීය. විශේෂයෙන් ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළ අසීරු අවස්ථාවන්හි මිතුරු රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව අත් නොහැරිය හැකි බවත් කොවිඩ් වසංගත වකවානුවේ ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ආධාර හා සහයෝගය ලබා දෙමින් ශ්‍රී ලංකාව පිළිබඳව සොයා බැලූ බවත් ඒ මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් සෙයියා නිනෝමියා මහතා (Mr. Seiya Ninomiya)සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ජයිකා (Jica) ආධාර ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිශ්ශංක,  සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්( වෛද්‍ය සැපයුම්) වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත්, අධ්‍යක්ෂ (ප්‍රාථමික සත්කාර සේවා) වෛද්‍ය සමන්ත රණසිංහ යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ මහත් මහත්මින් ද සහභාගි වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan