රට මොන අපායකට වැටුනත් අපිට ජාතික ප්‍රශ්නය විසඳගන්න බැරිද ?

Date:

උතුරේ ඉන්නේ වෙනත් දෙවිවරු අදහන වෙනත් බාෂාවක් කතාකරන වෙනත් සංකෘතියකට අයත් ජන කොට්ඨාසයක්. ඈත ප්‍රබන්ධ ඉතිහාසයේ කෙසේ වෙතත් අපි දන්න ඉතිහාසය ඇතුලේ ඒ බිමේ අයිතිය තිබුනේ ඒ මිනිස්සුන්ට..

බුද්ධ දර්ශනයේ සඳහන් පීඩිතයින්ට සරණක් වෙන්ට කියන සූත්‍ර පැත්තකින් තිබ්බත් අවමවශයෙන් මනුෂ්‍යත්වය ගැන හිතලාවත් ඇයි අපිට උන්ට උන්ගේ පාඩුවේ උන්ගේ භූමියේ ඉන්ට දෙන්ට බැරි..

ඒ අයට අපේ හමුදාව පේන්නේ ඒ අයගේ හමුදාවක් විදියට නෙමේ, තමන්ගේ බූමියට බලහත්කාරයෙන් කඩාවැදුන ආක්‍රමනික හමුදාවක් විදියටයි ඒ අයට මේ හමුදාව පේන්නෙ.. අපිට ඒකට මුකුත් කියන්න බෑ..මොකද ඒකට සාදාරණ හේතු තියෙන නිසා..

අපිට ජාතික ප්‍රශ්නේ ශිෂ්ඨ විදියට විසඳන්ට බැරි උන නිසා ජීවිත ලක්ෂ ගානක් විනාශ උන යුද්ධය නිර්මාණය උනා මිසක් යුද්ධ කරලා විසඳගත්ත ජාතික ප්‍රශ්නයක් නෑ.
අඩුම ගානේ අදවත් අපිට මේ ප්‍රශ්නෙ ශිෂ්ඨ විදියට විසඳ ගන්ට බැරි උනොත් තව අනාගත පරම්පරා ගානනාවකගේ ජීවිත වලින් ඒකේ වන්දිය ගෙවන්න සිද්ද වෙයි.

අද දකුණේ සමාජය අත්විඳින ආර්ථික බංකොලොත් කම දකුණේ නායකයන් සහ දකුණේ සමාජය විසින් නිර්මාණය කර ගත්ත එකක්, ඒකට උතුරේ උන් වග කිවයුතු නෑ…
උන්ට උන්ගේ බූමියේ වෙනම ඉන්ට දීලා තිබුනා නම් අඩුම ගානේ අද උන්ට හරි මේ අපායේ නොවැටී ඉන්න තිබුනා..

දැන් නම් හොඳටම පැහැදිළියි.. රට මොන අපායකට වැටුනත් අපිට ජාතික ප්‍රශ්නය විසඳගන්ට බෑ..තව තව අනාගන්නවා විතරයි .. මේ සාක්ෂි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීන රාජ්‍යක් ගොඩ නගන තුරු ආයුධ බිම නොතබන බව හමාස් සංවිධානය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්වෛරී නව පලස්තීන...

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තනතුරින් ඉවත් කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක...

ට්‍රම්ප්ගේ තර්ජන නොතකා ඉන්දියාව දිගටම රුසියාවෙන් තෙල් මිලදී ගනියි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන්...

LPL හයවැන්න නොවැම්බර් සහ දෙසැම්බර්වලදී

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW: ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි...