*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

කර්මාන්ත ක්ෂේත්‍රය ගොඩනගන සමගි ජන බලවේගයේ දැක්ම සජිත් පැහැදිලි කරයි

විදේශ විනිමය රටක ආර්ථිකයට කෙතෙරම් බලපෑමක් කරන්නේ ද යන්න පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට, මේ වන විට රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හොඳ උදාහරණයක් ලෙස මම දකිමි.

රටක වේගවත් ආර්ථීක සංවර්ධනයකදී, කර්මාන්ත ක්ෂේත්‍රයටත් වැඩි අවධානයක් යොමු කළ යුතු බව අපගේ විශ්වාසයයි.

එදා මෙරටට විදේශ විනිමය ගෙන ඒ මෙහිලා ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික අපනයන බෝග කර්මාන්ත හැරුණු විට, 1980 දශකයේ ඇරඹි ඇඟළුම් කර්මාන්තය මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 5ක් ඉක්මවන අපනයන අදායමක් මෙරටට ලගා කර දෙන බව නොරහසකි.

ඒ අයුරින් එදා පුළුල් දැක්මක් සහිතව ඇරඹී මෙරට ඇඟළුම් කර්මාන්තය, 2019 වසරේ දත්තවලට අනුව, මෙරට සමස්ත ඇඟලුම් අපනයනයෙන් 45%ක් ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරමින් සිදුකර ඇති බව පෙනෙන්නට තිබේ.

2019 වසරේ අමෙරිකා එක්සත් ජනපදයෙන් අප ඉපයූ අපනයන ආදායම ඩොලර් මිලියන 3,141 කි.

එය මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇඟලුම් කර්මාන්තය සිදු කළ දායකත්වයට කෙටි උදාහරණය විවිධ හේතුසාධක මත ඵලදායී ලෙස යොදා නොගන්නා, මෙරට ශ්‍රම බලකාය, ඉඩම් හා සෙසු සම්පත් හැකි තරම් අපනයන කර්මාන්ත සඳහා යොදා ගැනීම රටක් ලෙස අපට ජයග්‍රහණ රැසක් උදාකරගත හැකි මාවතක් ලෙස අප විශ්වාස කරන්නෙමු.

ඇඟලුම් ක් ක්ෂේත්‍රයේ මෙන්ම, කාර්මික අංශය තුළින්ද විදේශ වෙළෙඳ පොළ ඉලක්ක කරගත් විදේශ ආයෝජන දිරිගැන්වීම වැදගත් බව අප වටහාගෙන ඇත.

දැනට ක්‍රියාත්මක දේශීය සමාගම්, හැකිතාක් දුරට අපනයන වෙළඳපොළ සඳහාද දිරි ගැන්වීමත්, මේ වන විටත්, අපනයන කර්මාන්තයේ යෙදෙන සමාගම් වල ඉදිරියට යාමට ඇති සීමාවන් අවම කිරීමත් රජයක විශේෂ අවධානය යොමු කළ යුතු කටයුතු ලෙස අපි හඳුනා ගෙන සිටින්නෙමු.

එමෙන්ම දේශීය සහ විදේශ ආයෝජකයන්ගේද දායකත්වය ලබාගනිමින්, ගෝලීය නිෂ්පාදන ජාලයන් සමඟ ගණුදෙනු කිරීම සඳහා මෙරට කර්මාන්ත වලට අවශ්‍ය සහාය ලබාදිය යුතුව තිබේ.

අමුද්‍රව්‍ය ආනයනය සඳහා වන සීමා ක්‍රමානුකූලව ඉවත් කළ යුතු අතර, අමුද්‍රව්‍ය සඳහා වන බදු අවම කළ යුතු බවද අපගේ අදහසයි.

කර්මාන්ත අංශය ප්‍රවර්ධනයේදී, අලුතින් කර්මාන්ත ශාලා පිහිටුවීම සඳහා ඇති මූලිකම බාධාවක් වන ඉඩම් සොයා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීමට අපි අවධානය යොමු කරන්නෙමු.

ඊට අමතරව අඛණ්ඩව විදුලි සම්පාදනය සඳහා පවතින සීමාවන් සහ විදුලි සඳහා වූ අධික පිරිවැයද කර්මාන්ත අංශයේ උදාසීනත්වයට බාධාවක් වී තිබේ.

ඒ හේතුවෙන් කර්මාන්ත ශාලාවට හැකි තරම් පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ විදුලිය සම්පාදය කිරීමට ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍යය බව අප වටහාගෙන තිබේ.

මෙලෙස කර්මාන්ත ක්ෂේත්‍රය පුළුල් කිරීම ඔස්සේ රැකියා බිහි කිරීමටත්, ඒ ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය සඳහාත් පුළුල් දැක්මක් සහිත වැඩ පිළිවෙලක් අප සකස් කර ඇත්තෙමු.

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය සමඟ බද්ධ කිරීමත්, දේශීය කර්මාන්ත කරුවන් දිරි ගැන්වීමත්, කර දීමත්, රටක් ලෙස ඉදිරි වසර 5 තුළ ඔවුන්ට අවශ්‍ය වෙළඳ පොළ සකස් කරදීමත් අප කඩිනමින් සිදු කළ යුතු කාර්යයන් අතර ප්‍රමුඛ වනු ඇති.

සිතන්න …

නිරුත්තර රටකට සැබෑ උත්තරය සැපයිය හැකි වන්නේ ඒ අනුවයි !

~ සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan