විදේශ රැකියා සදහා යොමුවිය හැක්කේ NVQ සහතිකය ඇති අයට පමණයි

Date:

මෙරට කාන්තාවන් විදේශ රැකියා ක්‍ෂේත්‍රය සදහා යොමු කිරීමේ නවමු වැඩපිළිවෙලක් දියත් කර ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අෂිස් මහතා පවසයි. ඒ අනුව විදේශ රැකියා සදහා යොමුවිය හැක්කේ NVQ සහතිකය ඇති අයට පමණි.

අප්‍රේල් මාසයේ සිට ගෘහ සේවිකාවන් විදෙස්ගත රැකියා සදහා යැවීම නතර කෙරේ. විධිමත් පුහුණුවක් සහිත ගෘහ පාලිකාවන් වශයෙන් ඔවුන් විදෙස් රැකියා සදහා යොමු කිරීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සැලසුම් කර ඇත.

වැඩි වැටුපක් ලබාගත හැකි ගෘහ සේවයේ සෑම අංශයක් තුළම හොඳ අවබෝධයක් ලැබෙන පුහුණුවක් මෙහිදී ලබාදීමට නියමිතය.

2022 වසරේ රැකියා සදහා විදෙස් ගතවු කාන්තාවන්ගේ සංඛ්‍යාව 20 දහසකට ආසන්නය. පිරිමි පුද්ගලයන් ද 80 දහසකට ආසන්න පිරිසක් රැකියා සදහා විදෙස්ගතව ඇත. විදේශගත රැකියා වෙළෙඳපොල සදහා මෙරට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ද ඇතුළත්වී ඇතැයි ඒ මහතා පවසයි.

ජපානය. සෞදි අරාබිය වැනි රටවල ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සදහා හොඳ ඉල්ලුමක් පවතින අතර 2022 වසරේදී කාර්යාංශය වාර්තාගත ආදායමක් ලබාගෙන ඇත. ඒ අතරින් රුපියල් බිලියන 03 ක් මහ භාණ්ඩාගාරයට ද , තවත් රුපියල් මිලියන 500 ක් මහරගම අපේක්ෂා රෝහලට ද ලබාදී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...