මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි අපෙ හාමුදුරුවනේ – මහින්දානන්ද

Date:

වත්මන් ආණ්ඩුව පෙරළා අලුත් ආණ්ඩු පිහිටුවන්නට බලාගෙන සිටින බොහෝ දෙනෙකුට නුදුරේදීම පසුගිය ආණ්ඩු සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්වලට ලක්වීමට සිදුවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“ෆේස්බුක් එක බැලුවාම ජේවීපී එක නිකම් හරියට අනුර දිසානායක ජනාධිපති වෙලා. සජිත් ප්‍රේමදාස මහත්තයා බෙරිහන් දෙනවා ආයෙ ආණ්ඩු හදන්න කියලා. තමුන්නාන්සෙලාට මතක ඇති පහුගිය අවුරුදු පහේ මේ රටේ කරපු දේවල්. අවුරුදු පහක් මේ රට විනාශ කරලා, මේ රටේ සම්පත් දේපළ විකුණලා මේ රට නැතිභංගස්ථාන කරපු අය අද ආණ්ඩු හදන්න කතා කරනවා. ඔය සමාජ මාධ්‍යවල මොනවා කිව්වත් අපි ඉදිරි මාස හය – හත වෙනකොට අපි මේක අනිත් පැත්ත හරවනවා.

මේ ආණ්ඩුව මම නම් හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි අපෙ හාමුදුරුවනේ. තාමත් පහුගිය කාලෙ හොරුන්ට ගැහුවෙ නෑ. හෙට අනිද්දා වෙනකොට ඔය ආණ්ඩු ගන්න ඉන්න අය ගණනාවකට යන්න වෙනවා ඒගොල්ලො කරපු දේවල්වලට පිළිතුරු දෙන්න”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...