මෙවර අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ දක්ෂතා සහිත කණ්ඩායමක් බව පැහැදිළියි.නමුත් ඔවුන්ට අර්ධ අවසන් පූර්ව තරගයේදී නවතින්න සිදු වෙනවා.ඒ ඇෆ්ගනිස්තානය ඉදිරියේ පරාජය වෙමින්.ඊට ප්‍රධානම හේතුව වෙන්නෙ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අපරික්ෂාකාරී දුවද්දී දැවි යාම්.එය ප්‍රමානයෙන් හතරක්.
ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද ඉහළම දස්කම් දක්වා සිටින ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ එම තරගයේදි ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වුවත් ඔහු පන්දුවට පහර දීමට ඒම පමා කරමින් අංක අට ස්ථානයට කැදවීමත් ඇෆ්ගන් පරාජයේ ප්‍රබල සාධකයකි.ඒ නිසා ඔහුට පිතිකරු සබඳතා ගොඩ නඟා ගැනීමට අවශ්‍යය පිතිකරුවන් පහතින් ඉතිරි වි නොසිටියා මෙන්ම ඔහු මැද පෙළින් ඉණිම ගොඩ නඟා දුන්නානම් පහත පතිකරුවන්ට පීඩනයකින් තොරව ආරක්ෂා සහිතව සුළු ලකුණු ගණන හඹා යන්නට ඉඩ තිබිණි.නමුත් ඒ වන විට අංක හයේ පිතිකරු ලෙස සාර්ථකව සිටි දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු එක පිට එක දැවෙද්දිත් කණ්ඩායම් කළමනාකරණය සිදු කළේ වෙල්ලාලගේ අංක අටට පහත බැස්සවීමය.
මේ සම්බන්ධයෙන් වන විවේචන සාධාරණ බව පෙන්වන්නට දුනිත් ඊට පසු ලැබුණු අවස්ථාවේදී සාක්ෂි සැපයීය.ඒ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදි ය.මුල් කණ්ඩායම් අට ශ්‍රේණිගත කරද්දි ශ්‍රී ලංකාවට පස්වන ස්ථානය දක්වා ඉහළ නැගිමට තරඟ කිරීමට හැකිවන ලෙස ඔවුන් ජනවාරි 30 දා පැවති තරගයෙන් ලකුණු 65 න් දකුණු අප්‍රිකාව පරාජය කරන්නට සමත් විය.
එහිදී දුනිත් අංක 5 පිතිකරු ලෙස උසස්විමක් ලැබ පිටියට පිවිසෙන අවස්ථාවේ ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 3 ට 25 ක් ව තිබිණ.එතැන් සිට ඔහු සිව්වන කඩුල්ලට ශෙවොන් ඩැනියල් (29) සමඟ ලකුණු 62 ක සබඳතාවයක්ද,පස්වන කඩුල්ලට රනුද සෝමරත්න (නොදැවී 57) සමඟ ලකුණු 130 ක සබඳතාවයක්ද පැවත්වීය.එසේම සටන්කාමී සහ සැළසුම් සහගත ප්‍රහාරයක් දියත් කරමින් ඔහු මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලැබූ පළමු ශතකයටද හිමිකම් කිවේය.පන්දු 130 න් වාර්තා වුණු ලකුණු 113 ක් ඔහු නමට එක් වෙද්දී ඔහු කණ්ඩායමට කඩුලු සබදතා හරහා එකතු කර තිබුණු ලකුණු ගණන 192 කි.ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පූවරුව ඕවර් 50 අවසානයේදී කඩුලු හයකට ලකුණු 232 කි.එසේනම් දුනිත් ලකුණු 113 ක් පෞද්ගලිකව ලබා ගන්නට මෙන්ම 232 න් ලකුණු 192 ක් ලබා ගැනීමට ද පෞද්ගලිකවම සහය වි ඇත.
කණ්ඩායමේ විශ්වාසවන්තම පිතිකරුවා පිතිකරු නාමාවලියේ පහතට ඇඳ සකස් කළ සැළසුම ගැන හිතා ගන්නට අපහසුය.එයින් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අවසාන පූර්ව වටයට නොයා නැවති බව පමණක් කිව හැකිය.
කෙසේ නමුත් දුනිත් වෙල්ලාලගේ කලකට පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණ සම්පතකි.පිතිකරණය මෙන්ම සුපිරි පන්දු යැවීමද සමඟ ඔහු නායකත්වයේ වගකීම කළමනාකරණය කරගන්නා ආකාරය අපූරුය.ඉදිරි දවසක ඔහු රටට හොඳ පිතිකරුවෙක්,පන්දු යවන්නෙක් ලෙස පමණක් නොව නායකයෙක් ලෙස ද යොදාගන්නේ කෙසේද යන්නෙහි වගකීම දුනිත් අත පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඊට වඩා විශාල ගුණයකින් පැවරි වගකිමක්ය.ඒ සඳහා වගකීම් දරන්නට සහ කළමනාකරණය කරන්නට ඔවුන්ට වගකීම් පවරා එහි දොස් නිදොස් කිරීම වැදගත්ය.මැණික් කපා ඔප දැමීමක් සිඳුවන්නේ එවිටය.
පහත දැක්වෙන්නේ දැනට දුනිත් අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ පිතිකරුවෙක් ලෙස දක්වා ඇති දස්කම්ය.තරඟ,ඉණිම,මුළු ලකුණු,වැඩිම ලකුණු,පිතිකරු සාමාන්‍යය සහ මුහුණ දුන් මුළු පන්දු ගණන ඊට ඇතුළත්ය.එම දක්ෂතාවය පිතිකරු දස්කම් සළකද්දි ඔහු දැනට හයවන තැන රඳවන්නට සමත් වී ඇත.
තරඟ 5 ඉණිම 5 මුළු ලකුණු 224 වැඩිම ලකුණු 113 සහ මුහුණ දුන් පන්දු ප්‍රමාණය 308
එසේම පන්දු යවන්නන් අතර දැනට අංක එකට සිටින්නේ දුනිත් වෙල්ලාලගේය.ඔහු තරග 5 ක දී ඉණිම් පහක් තුළ පන්දු ඕවර් 45 ක් තුළ ලකුණු 159 ක් පමණක් ලබා දෙමින් දවා ගෙන ඇති කඩුලු ප්‍රමාණය 17 කි.
RM