*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ක්‍රිකට් ලෝක ගැටළුව ලිහෙයි….?

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 30 කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට ඉදිරි දින කිහිපය තුළ කටයුතු කරනු ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.ශ්‍රී ලංකා ක්‍රිකට් මේ සම්බන්ධයෙන් ප්‍රතාශයක් කරන්නට පෙර අමාත්‍යවරයා විසින් මේ ප්‍රකාශය කරනු ලබන්නේ තහනම ඉවත් කිරිමට අවශ්‍යය පසුබිම දේශපාලනිකව සිඳු විය යුතු බැවිනි.මන්ද දේශපාලනිකව එල්ල වූ බලපෑම් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වාධීනත්වයට බලපෑම් සිඳු වීම අයිසීසී තහනමට ප්‍රධාන වශයෙන් බලපෑවේය.එම තත්ත්වය නැවත දේශපාලන අධිකාරියෙන් ඇති නොවීමට වග බලා ගැනීසේ සහතිකය කවරකාරයෙන් සිදු වන්නේ ද යන්න පිළිබඳව අයිසීසී ය ශ්‍රි ලංකාවේ දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා කර තහනම ඉවත් කිරීමට ඉදිරි දින කිහිපය ඇතුළත කටයුතු කරනු ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ අයිසීසී ප්‍රධාන විධායක නිලධාරියා සමඟ සිඳු වූ සාකච්ඡාවලින් පසුවය.

මේ තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත විගනකාධිපතිවරයා වියදම් සම්බන්ධයෙන් බලාපොරොත්තු පැහැදිළි කර ගැනීම් කිහිපයක් සමාජගත කරුණු අතර තිබිණ.මේ මූල්‍ය වත්කම් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්ය.හිටපු අමාත්‍යවරයා ද තමන්ගේ අතේ වියදමෙන් ඉන්ධන ගසාගෙන එම මුදල් ක්‍රිකට් නොවන ක්‍රීඩාවන් සඳහා පරිත්‍යාග ලෙස දෙද්දී ද,වෙනත් පිළිකා ඖෂධ පිරිනැමීම වැනි සත්කාර සඳහා පිරිනමද්දී ද ගොස් එක්විය.දේශපාලනඥයෙකුට එවැනි සත්කාර පිංතූර සහ ඒ වටිනාකම් ද වටින්නේය.අමාත්‍යවරයාට ඉනික්බිතිව ලැබුණු උපදේශය වූයේ ක්‍රිකට් ආයතනයේ ලාභයෙන් සියයට විස්සක් අනෙක් ක්‍රිකට් සඳහා ලබා ගන්නටය.ඒ ක්‍රීඩා අරමුදලට ය.

එම අරමුදල ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලයට යටත්ය.එය,හිටපු ඇමතිවරයා පට්ට ගසන පරණ ක්‍රීඩා පණතේ ඇති තවත් වෙනස් විය යුතු තත්ත්වයකි.මේ ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසුව වේගයෙන් ඉදිරියට පැන්න විගණන විමසා බැලීම ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීම දක්වාම ඉදිරියට ගියේය.මතුපිටෙන් විමසා නොබලන කරුණ එබඳුය.

විගණනය කර විමසා බැලීම කරන ලද කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එම වියදම දැරීමට අයිතියක් වේ ද හෝ නොවේ ද යන්න එම අරමුදල් සම්පාදනය කරන අයිසීසීයට අයිතියක් නැද්ද? ඒවා ගැන තීරණය කරන්න ඇමතිවරයාට අයිතියක් තිබේනම් සහ එසේ ලැබෙන මුදල් ඇමතිවරයාවීමේ බලය පදනම් කරගෙන ප්‍රතිශතයක් ලබා දෙන ලෙස කාරුණිකව බලපෑම් කළ හැකිනම්,අයිසීසී ය ට තමන් විසින් ලබා දෙන මුදල් වියදම් කරනාකාරය ගැන තීරණය කරන්නටත් අයිතියක් තිබිය යුතු නැද්ද?වඩාත් සාධාරණ රටේ ක්‍රීඩා ඇමතිවරයාට යටත්ව වෙනත් තැනකින් එන මුදල් වියදම් කිරීමද,එසේත් නැතිනම් ඒ එන තැනට යටත්ව මුදල් වියදම් කිරීමද යන්න ක්‍රිකට් ප්‍රශ්නය දෙස බලන අය ලිහා ගත යුතුය.

මේ කාරණයේදී වංචාවක්,දූෂණයක් සිදු වී ඇත්නම් එම කාරණා සම්බන්ධයෙන් රටේ පවතින නීතියට අනුව කරුණු අධිකරණයට දන්වා එයින් ලැබෙන තීන්දුවෙන් වරදකරුවෙක් වන්නේනම් පමණක් අයිසීසීයට වගකීමෙන් බැදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවත් කිරීම සිඳු කළ යුතුව තිබිණි.සරලම තේරුම් ගැනීම එසේ වුව ද,අමාත්‍යවරයාට ඒ සඳහා ඉවසා දරා ගැනීමට නොහැකි තත්ත්වය නිර්මාණය වන්නේ ක්‍රිකට් පුටු කොයි ආකාරයකින් හෝ ලබා ගැනීම අභිලාශය කරගත් පිරිස් ඇමතිවරයාගේ සියයට විස්සේ කාරුණික බලපෑම නොසළකා හැරීම ඇමතිවරයාගේ බලයට කරන ලද අගෞරවයක් ලෙස ඔහුගේ ඔළුවට දැනෙන්නට ඇරීම නිසාය.

වෙනම ජ්‍යොතිශ්‍යය වශයෙන් දුන් ඔත්තුවකින් කියූ බව කියන නායකත්වය ගැන බලාපොරොත්තුව සහ උවමනාවද වැරදි අන්දමේ බලපෑමක් අමාත්‍යවරයා තුළ ඇති කරන්නට ඇත.වැරදි පෙන්වා දීමෙන් බැහැරව ඔහුව අගයන නැතිනම් රජ ප්‍රශස්ති සිහිනය සාක්ෂාත් කරන්නන් සමඟ පැමිණි ගමණක ඉම ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් බැස යන්නට වී ඇත.එහෙත් එසේ බැස යන්නට බල පෑ අදහස්,ඉස්මතු වෙමින් දැන් දූෂණ විරෝධී ගමණක හිටපු අමාත්‍යවරයා ඔහුගෙන් ක්‍රිකට් ආලෝකය සෙවූ අර්ජුණ ද රැඟෙන ගමන් කරමින් ඇත.අර්ජුණට එවැනි දේශපාලන සංවිධාන හොඳින් හුරුය.පැමිණීම බැස යාම හොඳින්ම දන්නේය.එහෙත් මේ දේශපාලන ගමනේ ඇති භයානක ගමන සාධාරණය සහ යුක්තිය යනු තමන්ගේ අදහස සහ තමන්ගේ උවමනාව බව ක්‍රිකට් අර්බූදයේ විසදුම් ලකුණු හරහාම දකින්නට ලැබීමය.

අයිසීසී ය පිළිගන්නාකාරයට ලංකාවේ ක්‍රිකට් හැසිරීම නොපිළිගැනීම යන්න මේ වන විට තහනමට හේතුවය.ඒ නිසා ලංකාවට අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ සත්කාරත්වය අහිමි විය.එය රටට දැවන්ත මූල්‍යමය පාඩුවකි.වාර්ශික අයිසීසී සමුළුව ද ලංකාවට අහිමි විය.ජාත්‍යන්තරය ලංකාවට වඩා පටුය,කුඩාය එහෙමත් නැත්නම් අපේ දේවල් අපිට ඕනි හැටියට මිස ලෝකෙ හැටියට නොවේ යනුවෙන් සිතීමේ රාජපක්ෂමය සිහිනයේ පතුලටම බැස සිටින අයකි.ඒ නිසා එම පාලන සමයේ මෙරට විදේශ සබඳතා පැවත් වූ රටවල් ගැන මෙන්ම මෙරට ධනය කොයි අත ගියේ ද යන ජනප්‍රවාදවලින් සියයට සුළු ප්‍රමාණයක් ඇත්ත වුව ත්,එය මේ රටේ ධනය රටට අහිමිව වර්ථමාන අර්බූදය ඇතිවීමට ප්‍රමාණවත් බව පැහැදිළිය.

ඒ නිසා වැරදි තත්ත්වයටත් වඩා ලංකාවේ ක්‍රීඩා දේශපාලනයේ මෙහෙයවීම සිඳු වුණේ ප්‍රාථමික ආකල්ප මත සිට බව දැන් පැහැදිළි වෙමින් තිබේ.ජාත්‍යන්තර වශයෙන් ඇති කරගත යුතු එකඟතා සහ පිළිපැදිය යුතු දේ සමඟ ඉදිරියට යන්නට හරීන් ප්‍රනාන්දු දරන උත්සාහය ඒ අතින් වැදගත්ය.මේ තත්ත්වයේදී ජාත්‍යන්තරය සමඟ ගැටුම් ඇති කර ගත්ත ද,ඇමතිවරයාගේ විහිළුකාර උපදේශනය එක්ක ඇමතිවරයාගේ පාමුල වැටීම ක්‍රීඩා පරිපාලනයේ යුතුකම ලෙස සිතූ ඇමතිවරයා සෘජුව වැඩ කළ රගර් සභාපති රටේ රගර් ක්‍රීඩාවේ ස්වාධීනත්වය වෙනුවෙන් කළ සටනට හරස් වී ශ්‍රී ලංකාවේ රගර් ආසියානු රගර් සභාපතිගේ උවමනාවට පහත වැට්ටීමේ ක්‍රියාවටත් සතොසින් දායක විය.මේ පොරමේනියා චින්තනයෙන් වෙනස් වී සුහද මිතුරෙකු ලෙස රටේ ක්‍රීඩාව සමඟ එකට යන්නට හරීන්ට ඇති හැකි වේ ද යන්න සම්බන්ධයෙන් එක තීරණයක් ගැනීමට අපි ඔහු කියන පරිදි ක්‍රිකට් තහනම දෙස බලා සිටිමු.එසේම ඇමතිවරයා ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටි ස්වාධින සෘජු මිනිසුන්ව ඈත් කර කළ අපහාස ද පුද්ගල භූමිකාවේ සිට නොව තනතුරේ භූමිකාවෙන් ඉවත් කර දැමීමට ද ක්‍රියා කළ යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan