ඇමරිකාවෙන් මෙරට සෞඛ්‍යට සහය!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකව සහයෝගය දීම වෙනුවෙන් අමෙරිකානු ජනතාව සහ අමෙරිකානු රජය ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

මෙරට සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම උදෙසා අමෙරිකානු රජය දක්වන සහ‌යෝගය සහ ප්‍රදානයන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය ඉහළ නැංවීමට හේතු වන බවද ඇමැතිවරයා පැවසුවේය.

අමෙරිකානු තානාපතිනි ජූලී චංග් මහත්මිය සහ සෞඛ්‍ය ඇමැතිවරයාගේ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (30) සිදු වූ අවස්ථාවේදී, ඔහු මේ අදහස් පළ කළේ ය.

ඇමැතිවරයා මෙහිදී පැවසූවේ, මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැලසීම මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සඳහා රජය වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඖෂධ හිඟය මඟහැරවීම, ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණ මිල දී ගැනීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම, ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ, නව සංවර්ධන කටයුතු මෙන්ම රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සඳහාද රජය පියවර රැසක් ගෙන ඇති බව ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සඳහා සහාය විය හැකි ආකාරය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඇගයීමට ලක් කළ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට අමෙරිකාව මූල්‍ය, තාක්ෂණික සහ භෞතික වශයෙන් දිය හැකි සියලු උපකාර කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස්වලට සවන් දුන් අමෙරිකානු තානාපතිනිය පැවසුවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලාපයේ අර්ථවත් ආර්ථික ඒකාබද්ධතාවක් වෙනුවෙන් වේදිකාව තනමින් CICA 7 සැසිවාරය නිමවෙයි!

කොළඹ LNW:ආසියානු කලාපය පුරා අර්ථවත් ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර...

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

හින්ද් රජාබ්ගේ ඛේදවාචකය …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාත්‍යන්තර නීතිය සහ...

WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : 2026 WNBA අවසන්...