කඹුරුපිටිය ගුරුවරිය ඝාතනයේ තොරතුරු රැසක් එළියට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, කොළඹ (LNW):

ඊයේ (31) අළුයම කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ මවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කඹුරුපිටිය පොලිස් වසමේ නිවසක් තුළ මෙලෙස එම කාන්තාව ඝාතනය කර තිබුණි.

මෙම ඝාතනයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් ඊයේ දිනයේදීම ඇගේ 36 හැවිරිදි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබුණු අතර, පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් 33 හැවිරිදි අවිවාහක පාසල් ගුරුවරිය ඊයේ අළුයම 3.30ට පමණ ඝාතනයට ලක්ව තිබූ අතර, මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව විසින් පොලීසියට ලියන ලදැයි සැකකරන ලේ තැවරුණු ලිපියක් සොයාගෙන තිබේ. එහි සඳහන්කර ඇත්තේ තමන් විසින් සිය දියණිය ඝාතනය කළ බවයි. 

එම ලිපියේ ඇය සඳහන්කර ඇති ආකාරයට , ඇගෙන් තමන්ට කරදර වූ බවත්, ඇය අධික තණ්හාව මත දේපොළ ඉල්ලා වසර 14ක් රණ්ඩුකරන බවත් ඇගේ මව සඳහන් කර ඇති බව පැවසේ.එමෙන්ම ඝාතනය සිදු වූ දින තම ගෙල මිරිකීමට දියණිය පැමිණි නිසා ඇය ඝාතනය කළ බව ද එම ලිපියේ සඳහන්කර ඇති බවත් වාර්තා වේ.

කෙසේ නමුත් පොලීසිය නිවසට යන විට 76 හැවිරිදි මවද ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවෙන් ගෙන පුටුවක් මත සිහි මදගතියකින් වැටී සිට ඇත. ඇයද දිවිනසාගැනීමට උත්සාහ කරන්ට ඇති බවට පොලීසිය සැකකරයි. ඒ හේතුවෙන් ඇය කඹුරුපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර, මියගිය කාන්තාවගේ මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...