වැස්සෙන් තරගය බේරෙයිද වැස්සෙන් ලංකාව බේරෙයිද

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 01,(LNW)කොළඹ :

වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනයේ තරගය අතර මැද නවතා දැමුණා.ඒ වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 6 ට ලබා ගත් ලකුණු 654 වෙනුවට ශ්‍රී ලංකාව ලකුණු 136 ට කඩුලු පහක් අහිමි කර ගෙන තිබුණා.


වර්ෂාව නොපැමිණියානම් ශ්‍රී ලංකාවට ඊයේ දිනයේ තවත් කඩුලු අහිමි වීමේ හැකියාවක් තිබුණ බව තරගය ගලා ගිය ආකාරයට සිතන්නට පුළුවන්.එහෙත් ඒ වන විටත් එක පැත්තක් තනිකර සිය වගකීමට යටත් කරගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් වඳින දිනේශ් චන්දිමාල් සමග තරගය නවතා දැමෙද්දී ලකුණු 29 ක සබඳතාවයක් එකතු කරගෙන සිටින කුසල් මෙණ්ඩිස් ද,දීර්ඝ වගකීම් සහගත වටිනා ඉණිම් ගණනක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක්.


මේ තත්ත්වය මත වර්ෂාව ද ආධාර කරගෙන අද දවස ශ්‍රී ලංකාවට කඩුලු සියල්ල දැවීම වළක්වා ගෙන සිටිය හැකිනම් තරගය ජය පරාජයෙන් තොරව කෙළවර කර ගන්නට ඉඩක් තිබෙනවා.එය විශාල වශයෙන් බලාපොරොත්තු තබා ගත හැකි තත්ත්වයක් නොවේ.වර්ෂාවේ බලපෑම දීර්ඝ ලෙස තරගයට බාධා කළහොත් තරගය තීරණයක් නැතිව අවසන් විය හැකියි.වර්ෂාව නිසා තරගයේ තීරණය බේරා ගන්නට නොහැකි වී ජය පරාජයෙන් තොර තරගයක් හැටියට අවසන් විය හැකියි.


එසේම තරගයට වර්ෂාවෙන් බාධා නොවුණහොත් ශ්‍රී ලංකාවට පරාජය නොවී සිටීමට ඇති ඉඩ ඉතාම අවමයි.එහෙත් ක්‍රීඩාවේ හැටි කෙසේ වේ දැයි විශ්වාස කරන්නට අපහසුයි.දැඩි අධිෂ්ඨානයෙන් තරග වැද මේ දෙදින ශ්‍රී ලංකාව දෙවරක් දැවී නොයන්නට ගන්න උත්සාහය සාර්ථක කර ගත්තොත් තරගය පැවත් වුව ද,ශ්‍රී ලංකාවට පරාජය නොවී බේරෙන්නට හැකි වෙයි.
කෙසේ වුව ද මේ තරගය ගැන නැවත සමාලෝචනයක් අවශ්‍යය වෙනවා.විශේෂයෙන් ධනංජය සිය පන්දු යවන්නන් යොදා ගත් ආකාරය මෙහිදී විශේෂයෙන් අවධානයට ලක් කළ යුතුයි.ලකුණු 654 ක් දක්වා යනතෙක් කිසිඳු අත්රේක පන්දු යවන්නෙක් භාවිතා නොකර කණ්ඩායමට පන්දු යවන්නන් ලෙස ඇතුළත් කර සිටි සිව්දෙනාම පමණක් ප්‍රයෝජනයට ගැනීම විශ්වාස කළ නොහැකියි.


මේ දක්වා තරගය පැවති ආකාරය පිළිඹීබු කරන ලකුණු සටහනට පහතින් ඇතුළ් වෙන්න.
https://es.pn/4jAPpsl

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...