දුෂිතයෝ එකට එකතු වුණාට වැඩක් නැහැ අපි දඬුවම් දෙනවා!

Date:

කොළඹ LNW:පහුගිය මැතිවරණයේදී වේදිකාවලට වෙන්වී සිටි පිරිස් දඬුවම්වලින් බේරීමට,පරීක්ෂණ පැවැත්වීම වළක්වා ගැනීමට එකට එකතු වීමට සාකච්ජා කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (31) යාපනයේ පැවති ජන හමුවේදී ය.

දූෂිතයින් එකට එකතු වුවද ජනතාව සිටින්නේ ආණ්ඩුව සමඟින් බවත් දුෂිතයින්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය ආණ්ඩුව විසින් සිදුකරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

”මේ රටේ හොරකම නතර කරනවා. නාස්තිය නතර කරනවා. හොරකම් කරපු අයට දඬුවම් දෙනවා. මොකද කියන්නේ ඕනේ නැද්ද? අපේ දරුවට විදින ඉන්ජෙක්ෂන් එකෙන් හොරකම් කරලා නම් බාල බෙහෙත් ගෙනල්ලා නම් ඉස්පිරිතාලේ හදද්දී හොරකම් කරලා නම් පාර හදනකොට ඒකෙන් හොරකම් කරලා නම් කෝටි ගාණක් ධනය එක්රැස් කරලා නම් දේශපාලකයෝ ඒ ගැන පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද? දඬුවම් දෙන්න ඕනේ නැද්ද?අන්න ඒ දඬුවම් දෙන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. දුෂණයට සම්බන්ධ අය දැන් ඔක්කොම එකතුවෙලා. පහුගිය මැතිවරණ වේදිකාවේදී ගොඩක් වේදිකාවලට බෙදිලා හිටියා. සමහර අය කොළපාට වේදිකාවේ සමහර අය කහපාට වේදිකාවේ සමහර අය දුඹුරු පාට වේදිකාවේ ජන්දෙදි බෙදිලා හිටියා. දැන් මොකද වෙන්නේ. අන්න ඊයේ සාකච්ජා කරලා එකතු වෙන්න. බලනකොට කවුද එක්කෙනෙක් මහ බැංකුවට ගහලා. තව එක්කෙනෙක් ඛනිජ තෙල්වලින් ගහල. මොකද වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම එකතුවෙලා මොකටද? බේරෙන්න. හැබැයි ඒගොල්ලෝ එකතු වුණාට ජනතාව අපි එකතු වෙලා ඉන්නතාක් ඒගොල්ලන්ට මේ වැඩේ කරන්න බැහැ. දැන් උත්සහ කරන්නේ එකතුවෙලා පරීක්ෂණ කරන එක නතර කරන්න. එකතුවෙලා දඬුවම් දෙන එක නතර කරන්න. උඩ ඒගොල්ලෝ එකතු වුණාට බිම ජනතාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ඒ නිසා මේ දූෂිතයින්ට දඬුවම් දීමේ වැඩේ අපි කරනවා. අන්න එහෙම ආණ්ඩුවක් මේ හැදිලා තියෙන්නේ. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. විශ්වාසය තබමු. අත්නොහැර ඉස්සරහට යමු. හරියට සැලසුම් හදල අවුරුදු කිහිපයක් අතනොහැර වැඩකලොත් මේ රට දියුණු රටක් කරන්න පුලුවන්.” යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...