එවෙලේ අපට කේන්ති ගියාට වේඬරුවේ හිමිගේ හිට්ලර් කතාවට අර්ථයක් තිබුණා – හඳුන්නෙත්ති (VIDEO)

Date:

එදා ප්‍රතිවිරුද්ධ කඳවුරේ දේශපාලනය කළ තමන්ට කේන්තියක් ඇතිවූ නමුත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවසූ “ඔබතුමා හිට්ලර් වගේ වෙලා හරි මේ රට හදන්න” යන ප්‍රකාශයට තේරුමක් තිබුණු බව ජාතික ජන බලවේගයේ නායකයකු වන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“අපට මතකයි වේඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවෝ, උන්වහන්සේ කිව්වා ‘ඔබතුමා හිට්ලර් වගේ වෙලා හරි මේ රට හදන්න’ කියලා. එතකොට අනිත් පැත්තේ දේශපාලනය කරපු අපට පොඩ්ඩක් කේන්තිත් ගියා. හැබැයි ඒකෙ අර්ථයක් තිබුණා. ඒ කියන්නෙ මේ රට හදන්න විනය ගරුක පාලකයෙක් ඕනෙ. මේ රට හදන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ. හොරු අල්ලන්න ඕනෙ, දඬුවම් දෙන්න ඕනෙ කියලා විශ්වාස කළා. ඒ වෙනුවෙන් තරුණ තරුණියෝ ස්වේච්ඡාවෙන් පාරවල්වල චිත්‍ර ඇන්දා. මොකක්ද චිත්‍රවල තිබුණේ ? ඒ චිත්‍රවල තිබුණෙ දේශප්‍රේමය, දේශීයත්වය, අපේකම. ඒවා ස්වේච්ඡාවෙන් ඇන්දේ වෙන මොකවත් නෙවෙයි ඒවා නියෝජනය කරන ආණ්ඩුවක්, පාලකයෙක්, පාලනයක් පත්කරගන්න ඕනෙ කියලා විශ්වාස කරපු නිසා. ඒක වැරදි නෑ. වැරැද්ද මොකක්ද, ඒ එදා ජනතාවගේ ජනවරමට, අභිප්‍රායට පයින් ගහපු එක”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යර්ථ වෙයි!

කොළඹ LNW:මරදාන,කෝවිල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙත වෙඩි තැබීමේ උත්සාහයක් අද...

අයෝමාල් තරණය කළ ඓතිහාසික කඩුල්ලෙන් ඉනික්බිති, හෙට පෙණෙන කව්ළුවෙන් දකින්න

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ක්‍රියාත්මක ජාතික මලල ක්‍රීඩා...

එයාර් ඉන්දියා යානයට අත් වූ ඛේදනීය ඉරණමට හේතුව කුමක් වීද?

සටහන – පුලීජූනි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් බ්‍රහස්පතින්දා දහවල්...

IMF ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : විස්තීරණ අරමුදල් පහසුකම්...