නෝර්වේ රාජ්‍යයේ වෘකයන් දඩයම් කිරීම නවතා දමා ඇත

0
465

වනසත්ව උද්ඝෝෂකයන් රැසක්උසාවි වාරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසු නෝර්වේ රාජ්‍යයේ වෘකයන් දඩයම් කිරීම නවතා දමා ඇත.

පරිසර සංවිධාන තුනක් එනම්, Noah, WWF Norway සහ Association Our Predators යන සංවිධාන සංරක්ෂණ කලාපයේ වෘකයන් 25 දෙනෙකු මරා දැමීම යුරෝපීය පාරිසරික නීතිය උල්ලංඝනය කිරීමක් බව තර්ක කළ අතර, මෙය විවාදයට ගත හැකි වන තෙක් වාරණ නියෝගයක් ලබා ගත්හ.

නෝර්විජියන් ජාතීන් බටහිර යුරෝපයේ වෘකයන්ට වඩාත් සතුරු පරිසරයක් නිර්මාණය කරන බවටත් ඔවුන් ආරක්ෂා කරන නීති උල්ලංඝනය කරන බවටත් තර්ක කරමින් නෝර්වේ, ස්වීඩනය සහ ෆින්ලන්තය යන රටවල වෘක ගහනයට එරෙහිව පියවර ගන්නා ලෙස යුරෝපය පුරා සත්ව සංරක්ෂණ කණ්ඩායම් යුරෝපා සංගමයට ආයාචනා කර ඇත.

මෙනිසා පසුගිය සිකුරාදා, ෆින්ලන්තය යුරෝපා සංගම් නීතියට අනුඛුල වෙමින් තෝරාගත් වෘකයින් පොදි තුනක් මරා දැමීමේ බලපත්‍ර අත්හිටුවන ලදී.

නෝර්වේ හි ජීවත් වන වෘකයින් වනගත දඩයම් සහ ගොවිපොල සඳහා හානි කිරිම නිසා නිරතුරුවම ඝාතනයට ලක්වේ.

වෘකයා නෝර්වේ හි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ “රතු ලැයිස්තුවේ” ඇත. එබැවින් එරට රජය විසින් “වෘක කලාපයක්” පිහිටුවා ඇත.

නෝර්වේ භූමියෙන් 5% කින් සමන්විත එහි සතුන්ට හිංසා පීඩාවලින් තොරව නිදහසේ සැරිසැරීමට ඇත.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here