විදේශ රැකියා ඇබෑර්තු 183,000ක්. ඊට සරිලන වෘත්තිමය පාඨමාලා ආරම්භ කිරීමට උපදෙස් !

Date:

රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෘත්තීය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ, තරුණ තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබා දීම ඉලක්ක කර ගෙන ඊයේ (31) පැවැති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

වෘත්තීය මට්ටමේ විදේශ රැකියා අවස්ථා ලබා දීම මෙන් ම පාසල් අධ්‍යාපනය හැර යන තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ රැකියා සඳහා යොමු කිරීම කෙරෙහි ද මෙහි දී විශේෂ අවධානයක් යොමු විය.
නිපුණතා සහිත එහෙත් සහතිකයක් නොමැති පිරිස, කෙටි කාලීන පුහුණුවක් තුළින් විදේශ රැකියා සඳහා සුදුසු ශ්‍රමිකයන් බවට පත්කිරීමත්, විදේශ රැකියා වෙළඳපොළ සහ මෙරට තරුණ ප්‍රජාව සම්බන්ධ කළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමත් පිළිබඳව මෙහි දී අවධානය යොමු කර ඇත.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් දැනට රැකියා ඇබෑර්තු පවතින රටවල් සහ රැකියා ක්ෂේත්‍ර පිළිබඳව මෙහි දී දැනුවත් කර තිබේ.

තරුණ කටයුතු අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය දැනටමත් තරුණ තරුණියන් සඳහා ඇතැම් වෘත්තීමය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විදේශ රැකියා ඉලක්කගත පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව ද මෙහි දී අනාවරණය විය.

පසුගිය 26 වැනි දා වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බලපත්‍රලත් විදේශ රැකියා නියෝජිත ආයතනයන් වෙත අනුමත කර ඇති රැකියා ඇබෑර්තු අතරින් ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, රුමේනියාව, දෝහ කටාර් ඇතුළු රටවල් 22ක් සඳහා ඇබෑර්තු 183,198කට ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍යව ඇති බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...