ආණ්ඩුව ගහපු කයිවාරුවේ හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය ගැන ටියුෂන් දෙයි කියලා – සජිත් (VIDEO)

Date:

මේ ආණ්ඩුව බලය ගන්න කලින් ගහපු කයිවාරුවල හැටියට ලංකාවේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඉන්දියාවේ ඉඩමුත් ලංකාවට ගනී කියා සිතු බවත් අද සිදුවන්නේ රටේ සම්පත් සියල්ල විකුණා දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“මැතිවරණය දිනන්න කලින් ගොවියෝ ගැන කතා කරපු හැටියට චීනටත් හාල් දෙයි කියලයි මිනිස්සු හිතුවේ.

මැතිවරණයට කලින් ගහපු කයිවාරුවල හැටියට ආර්ථිකය ගොඩදාන හැටි ගැන ඇමරිකාවටත් ටියුෂන් දෙයි කියලයි අපි හිතුවේ.

සෞභාග්‍යයේ දැක්මෙ තියෙන විදිහට මේ රටේ දුප්පත්කම කෞතුකාගාරයට දායි කියලයි මිනිස්සු හිතුවේ. එහෙත් අද සිදුවන්නේ මේ සියල්ල කනපිට හැරීමයි” යනුවෙන් විපක්ෂ නායකතුමා පැවසීය.

ඒ දවස්වල බලය වෙනුවෙන් වඳ කොත්තු ගැන කතා කොට ජාතිවාදය අවුස්සපු උදවිය අද පකිස්ථානයෙන් ණයට සහල් ඉල්ලන තත්ත්වයට පත්ව ඇති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ හොරොව්පොතාන ගලෙන්බිදුනුවැව දී ඊයේ (31) පැවති සමගි ජනබලවේගයේ ගොවි උද්ඝෝෂණයක් අමතමිනි. විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...