බැසිල්ට IMF යන්න කාගේවත් උපදෙස් ඕනෙ නෑ. හැම මූල්‍ය ආයතනයක් එක්කම කතා කරන්න පුළුවන් – රංජිත්

0
488

ලෝකයේ ඕනෑම මූල්‍ය ආයතනයක් සමග සාකච්ඡා කිරීමේ හැකියාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඇති බවත් ඊට කාගේවත් උපදෙස් අවශ්‍ය නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

“අපට පුළුවන්කම තියෙනවා කිඹුලා කන එකත් ඉවසන්න, කොහිල කටු ඇණෙන එකත් ඉවසන්න. ඒ වගේම මේ රටේ මුදල් ඇමතිවරයාට පුළුවන්කම තියෙන්න ඕනෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විතරක් නෙවෙයි, ගෝලීය ඕනෑම මූල්‍ය අරමුදලක් සමග සාකච්ඡා කරන්න. ඒ නිසා කවුරුහරි කෙනෙක් කියනවා නම් ‘යන්න අහවල් එකත් එක්ක කතා කරන්න’ කියලා, එහෙම උපදෙස් අවශ්‍ය නෑ.

මේවා පිළිබඳ ගැටලුවක් ඇතිකරගන්න එපා. දැන් අපි ගෙව්වෙ නැද්ද රුපියල් 5000 ? අපි වෙන්කරලා නැද්ද අයවැයෙන් කෘෂිකාර්මික වන්දිවලට ? අපි වෙන්කරලා නැද්ද වෙනත් කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා මුදල් ? ලංකාවට ආධාර කරන රටවල් ඉන්නවා, ද්විපාර්ශ්වික ගිවිසුම් තියෙනවා, බහුපාර්ශ්වික ගිවිසුම් තියෙනවා. මේ හැම එකක් එක්කම මුදල් ඇමතිතුමාට කතා කරන්න පුළුවන්කම තියෙනවා”

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here