මහජන පොළක බඩු මිල වෙනස් කරනවා වගේ තමයි දැන් කොවිඩ් මාර්ගෝපදේශ වෙනස් වෙන්නෙත් – රවී කුමුදේශ්

Date:

පසුගිය 27 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ කොවිඩ් තොර වීමේ (Exit Strategically) මාර්ගෝපදේශය නිකුත් කර ඇත්තේ කිසිදු විද්‍යානූකූල පදනමකින් තොරව බව පෙනෙන්නට තිබෙන්නේ යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ ඒ අනූව කොවිඩ් ආසාදිතය වූ පුද්ගලයෙකු සමාජයට මුදා හැරීම සදහා මෙතෙක් නිර්දේශව තිබූ දින 10ක කාල පරිච්ඡේදය දින 7 දක්වා අඩු කර ඇති බවයි.

මේ හේතුවෙන් රෝගය සම්ප්‍රේෂණ කළ හැකි ආසාදිතයින් සමාජයට යොමු කිරීමක් සිදුවන බැවින්, එය වසංගතය පාලනය කිරීමට එරෙහි බරපතල බාධාවක් විය හැකි බව ඔහු සඳහන් කරයි.

”මෙම මාර්ගෝපදේශය හේතුවෙන් ආසාදිතය සෞඛ්‍ය කාර්‍යමණ්ඩල දින 7කදී සේවයට වාර්ථා කිරීම අනිවාර්‍ය වී ඇති අතර, එමගින් සෞඛ්‍ය කාර්‍යමණ්ඩල අතර බරපතල ලෙස රෝග සම්ප්‍රේශණය වීම, ඉදිරියේදී සේවාවන් පවත්වා ගැනීමට මෙන්ම සෞඛ්‍ය සේවාවේ “දැරිය හැකි ධාරිතාවේ මට්ටම” විශාල ලෙස පහළ යාමටද හේතු විය හැකියි.

කෙසේ නමුත්, මෙවැනි තීරණයක් විද්‍යාත්මක භාවිතාවක් යටතේ අධ්‍යනය කිරීමට අවශ්‍ය වන්නේ නම්, එය දින භාගයකින් කළ හැකිව තිබියදී, මහජන පොලක බඩුමිල එහා මෙහා කරන අන්දමට, කොවිඩ් මාර්ගෝපදේශවල දින ගණන් එහා මෙහා කිරීම පිළිගත නොහැකි තත්වයක්. මෙම දින ගණන වඩා විද්‍යානුකූල ලෙස තීරණය කිරීමට අවශ්‍ය වන්නේ නම්, දින දහය සහ දින හත සම්පූර්ණ කල අසාධිත නියැදි දෙකක් පරීක්ෂාකර, වාර්ථා කිරීමේ අවසරය ලබා දෙන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...