මහජන පොළක බඩු මිල වෙනස් කරනවා වගේ තමයි දැන් කොවිඩ් මාර්ගෝපදේශ වෙනස් වෙන්නෙත් – රවී කුමුදේශ්

Date:

පසුගිය 27 වෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ කොවිඩ් තොර වීමේ (Exit Strategically) මාර්ගෝපදේශය නිකුත් කර ඇත්තේ කිසිදු විද්‍යානූකූල පදනමකින් තොරව බව පෙනෙන්නට තිබෙන්නේ යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ ඒ අනූව කොවිඩ් ආසාදිතය වූ පුද්ගලයෙකු සමාජයට මුදා හැරීම සදහා මෙතෙක් නිර්දේශව තිබූ දින 10ක කාල පරිච්ඡේදය දින 7 දක්වා අඩු කර ඇති බවයි.

මේ හේතුවෙන් රෝගය සම්ප්‍රේෂණ කළ හැකි ආසාදිතයින් සමාජයට යොමු කිරීමක් සිදුවන බැවින්, එය වසංගතය පාලනය කිරීමට එරෙහි බරපතල බාධාවක් විය හැකි බව ඔහු සඳහන් කරයි.

”මෙම මාර්ගෝපදේශය හේතුවෙන් ආසාදිතය සෞඛ්‍ය කාර්‍යමණ්ඩල දින 7කදී සේවයට වාර්ථා කිරීම අනිවාර්‍ය වී ඇති අතර, එමගින් සෞඛ්‍ය කාර්‍යමණ්ඩල අතර බරපතල ලෙස රෝග සම්ප්‍රේශණය වීම, ඉදිරියේදී සේවාවන් පවත්වා ගැනීමට මෙන්ම සෞඛ්‍ය සේවාවේ “දැරිය හැකි ධාරිතාවේ මට්ටම” විශාල ලෙස පහළ යාමටද හේතු විය හැකියි.

කෙසේ නමුත්, මෙවැනි තීරණයක් විද්‍යාත්මක භාවිතාවක් යටතේ අධ්‍යනය කිරීමට අවශ්‍ය වන්නේ නම්, එය දින භාගයකින් කළ හැකිව තිබියදී, මහජන පොලක බඩුමිල එහා මෙහා කරන අන්දමට, කොවිඩ් මාර්ගෝපදේශවල දින ගණන් එහා මෙහා කිරීම පිළිගත නොහැකි තත්වයක්. මෙම දින ගණන වඩා විද්‍යානුකූල ලෙස තීරණය කිරීමට අවශ්‍ය වන්නේ නම්, දින දහය සහ දින හත සම්පූර්ණ කල අසාධිත නියැදි දෙකක් පරීක්ෂාකර, වාර්ථා කිරීමේ අවසරය ලබා දෙන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...