සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 01 කොළඹ (LNW): ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී මේ ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින ක්‍රී කයා වන 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ මේ මොහොතේ 32nd Iran Fajr International Challenge 2024 තරගාවලිය නියෝජනය කරන්නට ඉරානයට ගොස් සිටියි.එම තරගවලියේ විරේන්ගේ පළමු තරගය පැවත්වුණේ ඉරාන ක්‍රීඩක මොහොමඩ් පෙයාර්වන්ද් සමඟයි.
විරේන් එම තරගය විනාඩි 21 දී හමාර කරමින් ජයග්‍රහණය තමන් වෙත නතු කර ගන්නට සමත් විය.ලකුණු .තත්ත්වය වූයේ ලකුණු 21 – 5 සහ 21 – 11 ක් යන්නය.ඒ ආකාරයට පළමු අභියෝගය පහදුවෙන් ජයගත් විරේන් අද හමුවන්නට නියමිතව ඇත්තේ බල්ගේරියාවේ ඉවාන් රුසෙව් ය.ඔහු සුදුසුකම් ලැබීමේ වටයේදී ප්‍රධාන තරගකරුවන්ගේ නාම ලේඛණයට එකතුවන්නට සමත් වූ සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් පැමිණි අසර්බයිජානයේ සර්ඛාන් බග්රොව් සමඟ තරග වැදිණ.