*
Monday, November 18, 2024
spot_img

Latest Posts

පළපුරුද්ද ක්‍රියාපදයක් කිරිමේ අභියෝගය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තාන ටෙස්ට් ගැටුමට

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි 01, කොළඹ (LNW): ප්‍රවීනත්වය සමඟ තරග කිරීමේ වාසිදායක තත්ත්වය ගැන සිතමින් ඇෆ්ගනිස්තානය සමඟ පැවත්වෙන එකම ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද කණ්ඩායම තෝරා ගැනීමේදී මූලික අවධානය යොමු කර ඇතත්, අලුත් මුහුණු තුනක් පිළිබඳව අවධානය යොමු කරන්නට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර ඇත.ඉන දෙදෙනෙක්ම මදවේග පන්දු යවන්නන් වන අතර අයෙක් මුල් පෙළේ පිතිකරුවෙක්ය.

චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක පිළිවෙලින් කොළඹ ආනන්දය සහ වාරියපොළ සුමංගල ය හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණ ඇති ක්‍රීඩකයෝ වෙති.ලහිරු උදාර නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ය.චාමිකට මීට පෙර එක්දින තරගයකදී ද,ලහිරුට විස්සයි විස්ස තරගයකදී ද ශ්‍රී ලංකාව නියෝජනයට වරම් හිමි වී ඇතත් මිලාන් රත්නායකට තවමත් ජාතික කණ්ඩායම සමඟ පිටියට බැසීමේ අවස්ථාවක් උදා වී නැත.මෙම තරගයේදී ද තෝරා ගැනීම්වලදී වැඩි ඉඩක් පන්දු යැවීමේදී හිමිවන්නේ දඟ පන්දු යවන්නන්ට විය හැකිය.විශේෂයෙන්ම ප්‍රභාත් ජයසූරිය,රමේශ් මෙණ්ඩිස්,කමිඳු මෙණ්ඩිස් යන තිදෙනාගෙන් තිදෙනාටම හෝ දෙදෙනෙකුට කණ්ඩායමට පිවිසීමට අවස්ථාව හිමිවනු ඇත.කමිඳු මෙන්ම රමේශ් යන දෙදෙනාම පන්දුවට පහරදීමේදී ද කැපී පෙනෙන බැවින් එයද අමතර වාසියක් ලෙස සැළකීමට ඉඩ ඇත.

කෙසේ නමුත් දඟ පන්දු යවන්නන්ට හොඳට පන්දුවට පහර දෙන ඇෆ්ගන් කණ්ඩායම ඉදිරියේ තවමත් එස්එස්සී තණතිල්ල කෙසේ සැකසේද කීම සිතන්නට අපහසු කාරණයක්ය.ඇෆ්ගන් සංචිතයේද සිටින්නේ ලොව පුරා අවධානය දිනූ දඟ පන්දු යවන්නන්ය.මේ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි බරක් පිතිකරණය කෙරෙහි තබා ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යන පළපුරුදු ක්‍රීඩකයන් දෙපළම කණ්ඩායම තුළ රඳවාගෙන ඇත්තේ එබැවින්ය.දිමුත් කරුණාරත්න ලෝක ටෙස්ට් කණ්ඩායමට නම් කළ ආරම්භක පිතිකරුවෙක් වන අතර නායකත්වයෙන් ඉවත් කර තව දුරටත් පීඩනය අඩු කර තිබෙන මොහොතක ඔහුගේ පිත්ත ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් වීමේ ඉඩ කඩ වැඩිය.ශ්‍රී ලංකානට ලැබෙන ටෙස්ට් තරග ප්‍රමාණයේ හිඟකම නිසා ලෝකයට බලපෑමක් විය හැකි හොඳ ටෙස්ට් පිතිකරුවෙකු බවට ඉඟි පළ කරන නිශාන් ප්‍රනාන්දුට අවස්ථාවන් ලැබෙන්නේ අඬුවෙන්ය.ඒ නිසා මේ මොහොත ඔහුට ද අතිශයින් වැදඟත්ය.

සදීර සමරවිකුම කණ්ඩායම කැඳවා ඇති අතර මේ තරගයේදී ඔහු කෙරෙහි අවධානය යොමු කරන්නේද පන්දු යැවීමේ හැකියාවත් ඇති පිතිකරුවෙක් දෙසම අවධානය යොමු කරන්නේ ද කියන කාරණයට පිළිතුරු ලැබෙනු ඇත්තේ අවසාන මොහොතේය.මන්ද කණ්ඩායමනොයකයා වන ධනංජය ද සිල්වා මෙන්ම උප නායක කුසල් මෙණ්ඩිස් ද කණ්ඩායමේ අනිවාර්යෙන් රැඳි සිටින බැවිනි.ඇන්ජලෝ පන්දු යවන්නෙක් ලෙස යොදා ගැනීමට ඇති ඉඩක් ගැන සිතීමට අපහසුය.ඔහු එතරම් ශාරිරික යෝග්‍යතාවයක් ඇතැයි සිතා පස්දින තරගයකට යොදා ගැනීම ඔහුට මෙන්ම කණ්ඩායමට ද නුසුදුසු දෙයක්ය.වේග පන්දු යවන්නන් ලෙස නවක කැදවීම් දෙකට අමතරව කැඳවා ඇති කසුන් රාජිත,විශ්ව ප්‍රනාන්දු සහ අසිතා ප්‍රනාන්දු අතරින් ඇන්ජලෝ පන්දු යවන්නෙක් ලෙස ප්‍රයෝජනයට නොගන්නා නිසා දෙදෙනෙකුට අවස්ථාව හිමිවෙනු ඇතැයි සිතිය හැකිය.

මෙහිදී කුමන කණ්ඩායම නම් කළ ද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ගත් විට කණ්ඩායම් දෙකේ ඉතිහාසය අනුව ශ්‍රී ලංකාවට ටෙස්ට් කණ්ඩායමක් හැටියට ඇත්තේ ඇෆ්ගනිස්තානය ඉක්මවා යන කීර්තියකි.එහෙත් ඇෆ්ගනිස්තානය මෑත කාලයේ ක්‍රිකට් පිටියේ දකින්නට ලැබෙන භයානකම කණ්ඩායමක්ය.එසේම කණ්ඩායම් දෙකම ඇති සමාන දක්ෂතා පෙන්වන ආකාරයේ සමානකමක්ද සහිත බවත් පෙනෙන්නට ඇත.ඒ නිසා තරගය ආරම්භ කරන තෙක් අනාවැකි කියන්නට යාම අසීරු කාරණයකි.ශ්‍රී ලංකාවේ පළපුරුද්ද නිවැරදිව භාවිතයට ගැනෙන්නේනම් එහි වාසිය ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.ඒ නිසා පළපුරුද්ද ක්‍රියා පදයක් ලෙස පෙන්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් සියලු දෙනා මතම පැටවී ඇති අභියෝගය වන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan