ඉන්ධන මිළ සංශෝධනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371ක් වන අතර ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262කි.

මේ අතර ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 08කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456කි.

එසේම ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 07කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...