විධායක ජනාධිපති ක්‍රමය ගැන මතය වහාම රටට කියන්න – කරු පක්ෂවලින් ඉල්ලයි.

Date:

කොළඹ LNW:විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද නැද්ද යන්න තම මතය පැහැදිලිව රටට ඉදිරිපත් කරන ලෙස ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබේ.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ විද්වත් කතිකාව” සම්මන්ත්‍රණයේ දී කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට පක්ෂව අති බහුතර ජන මතයක් ඇති බවයි.

විධායක ජනාධිපති පදවිය සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ දරන මතය දැන ගැනීම ඡන්ද දායකයින්ට ද අතිශය වැදගත් බව හෙතෙම අවධාරණය කර තිබේ.

විධායක ජනාධිපති පදවිය ඇති කිරීමට පෙර හා පසු දේශපාලන, ආර්ථික හා සමාජයීය පසුබිම ගැන කතා කළ කරු ජයසූරිය විධායක ජනාධිපති පදවිය හඳුන්වා දීමට පෙර පැවති තත්ත්වය හා සැසදීමේදී විධායක ජනාධිපති පදවියේ හොඳ පැත්තක් සේම එහි බරපතළ අඩු පාඩු රැසක් තිබෙන පෙන්වා දී ඇත.

විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සහ එහි බලතල අඩු කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවක් 17 වැනි සංශෝධනය හරහා උදා වූ බව ද ඔහු සිහිපත් කළේය.

“17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ විවිධ වෙනස්කම් ඇති වුණා. රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිසන් සභා පිහිටුවීමට හැකි වුණා. ඒ හරහා සමාජය තුළ ධනාත්මක පරිවර්තනයක් සිදු වුණා”

එනමුත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැර වූ බවත්, ඉන් රාජ්‍ය සේවය ඇතුළු සමස්ත දේශපාලන හා සමාජයීය ක්‍රියාවලියම පිරිහීමට ලක්වූ බව මෙන්ම ධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමේ තිරසර සහ පැහැදිලි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මාදුළුවාවේ සෝහිත හිමියන් නායකත්වය ගත් බව ද කියා සිටියේය.

“ඊට පස්සේ 18 වැනි සංශෝධනය ආවා. මේ සමඟ රාජ්‍ය සේවය ඇතුළු සමස්ත සමාජයම බරපතළ ලෙස විනාශ වුණා. රාජ්‍ය සේවයට දැඩි හානියක් සිදු වුණා. මේ විනාශය දැක්ක නිසා තමයි ගෞරවණීය මාදුළුවාවේ සෝහිත ස්වාමීන් වහන්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යායාමය වෙනුවෙන් කැප වුණේ. ඒ උන්වහන්සේගේ 70 වැනි ඡන්ම දිනයේදී. එදා උන්වහන්සේ ප්‍රකාශ කළා, උන්වහන්සේගේ ජීවිතයේ ඉතිරි කාලය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වෙනවා කියලා. උන්වහන්සේගේ වචනය එදා සමාජය පිළිගත්තා”

2015 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම තීරණාත්මක යෝජනාවක් වූ නමුත් එය ඉටුකර ගැනීමට යම් යම් හේතු නිසා නොහැකි වුවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සැලකිය යුතු ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට අවස්ථාව උදා වූ බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා සඳහන් කළේය.

පසුගිය කාලය පුරා පවත්වන ලද ජනමත සමීක්ෂණ මගින් 87%ක පමණ පිරිසක් විධායක ජනාධිපති පදවිය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ සිටින බව හෙළි වී ඇති බව මෙන්ම ‘විධායක ජනාධිපති පදවිය තව දුරටත් තබාගත යුතු යැයි’ කියන කිසිවෙකු තමාට හමුවී නැතැයි ද ඔහු කියා සිටියේය.

විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම ගැන රට තුළ මහජන මතයක් ඇතිවිය යුතු බවත් දේශපාලන පක්ෂ විසින් ද මේ සම්බන්ධ සිය පැහැදිලි ස්ථාවරය හෙළිකළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...