*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” 74 වැනි අදියර යටතේ විජයබා කනිෂ්ඨ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් (VIDEO)

රටේ අධ්‍යාපනය සෞඛ්‍ය වෙනුවෙන් මුදල් වෙන් කිරිමට රජයට නොහැකි වුවත් ජනතාව මර්දනය කරන කදුලු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාර යන්ත්‍ර මිලදී ගන්න මුදල් වෙන් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ලබා දුන් දිවා ආහාරය පවා ලබා දීමට රජයට මුදල් නොමැති වුවත් ජනතා මර්දනයට මුදල් වෙන් කර ඇති බවත් මේ නිසා රටේ පාසල් දූදරුවන් දැඩි අපහසුතාවලට මුහුණ දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම 31 වැනිදා සිට 4 වැනිදා දක්වා නිදහස් දිනය නිමිත්තෙන් රජය නව මාර්ග සැලැස්මක් සකස් කර ඇති බවත් රජය එවැනි දෙයක් සිදු කරන විට සමගි ජන බලවේගය 31 වැනිදා සිට 4 වැනිදා දක්වාත් ඉන් පසුවත් මාතර, ගාල්ල, අනුරාධපුර දිස්ත්‍රික්කවල පිට පිට පාසල් 17කට සුහුරු පන්ති කාමර 17ක් ලබා දෙන බවත් පෙබරවාරි 4 වැනිදා සමරණ නිදහස සැබෑ නිදහස් නිවහල් අධ්‍යාපනයක් ඇති රටක් බවට පත් කිරීම එහි අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (31) සක්වල වැඩසටහනේ 74 වැනි අදියර යටතේ ගොම්බද්දල විජයබා කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

88 සහ 89 කාලයේ දැවැන්ත භීෂණය නිසා එවක ජනාධිපතිවරයා තරුණ අසහන කොමිසමක් පත් කළ බවත් ජී. ඇල්. පීරිස් ඇමතිතුමත් එහි සාමාජිකයකු බවත් එම කොමිසමේ වාර්තාවට අනුව තරුණ අසහනයට හේතු වූ කරුණු කාරණා වූයේ කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය බවත් මේ අඩුපාඩුව හදුනා ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනික සංවර්ධනය උදෙසා දැවැන්ත ප්‍රතිපාදන වෙන් කළ බවත් ඒ දේ 1993 දක්වා පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගැටලුවලට විසදුම් කිය හැකි කණ්ඩායම කවුද කියා තීරණය කළ යුතුයි

අද ලක්ෂ 220 ජනතාව අපේක්ෂාවෙන් සිටින්නේ රටේ පවතින ආර්ථික සමාජයීය දේශපාලන ගැටලුවලට විසදුම් බවත් එසේ විසදුම් ලබා දිය හැකි කණ්ඩායම කවුද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලන නාට්‍යවලට රැවටෙන්න එපා

දේශපාලන නාට්‍යවලට නොරැවටෙන ලෙසත් රටට අවශ්‍ය වන්නේ විසදුම් සහ උත්තර බවත්
බලයක් නොමැතිව මුළු රටටම සේවාවක් ඉටු කළ සහ ඉටු කරන එකම දේශපාලන පක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් මීට පෙර සිටි කිසිදු විපක්ෂයක් හෝ වත්මන් විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ එවැනි සේවාවක් ඉටු නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළාත් 9ට හෙද විද්‍යාල 9ක්

එසේම මෙරට පළාත් සභා 9 කේන්ද්‍ර කර ගෙන නව හෙද විද්‍යාල 9ක් ආරම්භ කිරීමටත් රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් විදේශීය රටවලට ගුණාත්මකභාවයෙන් ඉහළ හෙද හෙදියන් විදේශීය රටවලට යවා හොද ජීවන මාර්ගයක් ඇති කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් රට නව තාක්ෂණ විප්ලවයක් කරා ගෙන යන මහා දැවැන්ත සංවර්ධන ගමනේ පෙරමගකරුවන් බවට පත්වීමට සියලු දෙනාම සූදානම් වන ලෙසත් නව අධ්‍යාපන ක්‍රමයක් තුළින් අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් ඇති කරන යුගයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 73ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 717ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan