ඉල්ලීම් දිනාගැනීමට තම ජීවිත බිල්ලට දෙන්න එපා – ජනතාව පවසයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ආතර , එම හේතුවෙන් රජයේ රෝහල් රැසක රෝගී සත්කාරක සේවාවන්ට බාධා එල්ල වී ඇත.

කෙසේ වෙතත් රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට මේ වනවිට ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙන බව වාර්තා වේ.

වෛද්‍යවරුන්ට ගෙවනු ලබන රුපියල් 35,000 රාජකාරී බාධා/ පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් වැඩවර්ජනයට එක්ව සිටී.

අද පෙරවරු 06.30ටයි මෙම වර්ජනය ආරම්භ කෙරුණු අතර, ඉල්ලීම් දිනාගැනීමට තම ජීවිත අනතුරට ලක් කිරීම අසාධාරණ බව  රෝගීන් පවසයි.

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කර ඇති වැඩ වර්ජනයට එක් නොවීමට සමස්ත ලංකා හෙද සංගමය තීරණ කර තිබෙන අතර, සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් පිරිසක් මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ ද හමුවිය.

එහිදී, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද  සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීම සදහා සංදේශයක් ද භාරදීමට එම නියෝජිතයන් කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...