පකිස්තානය විසින් ද 16 – 01 සේ අවසන් පූර්ව තරගයේදී පරාජය වීමෙන් පසුව මෙවර බටහිර ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේ අවසාන තරගයට සහභාගීවීමට තිබූ ඉඩ අසුරා ගත් ශ්‍රී ලංකාව තෙවන ස්ථානය සඳහා වූ තරගයේදී ද බංගලාදේශය ඉදිරියේ බලපොරොත්තු නොවූ අභියෝගයකට ලක්ව ලකුණු 3-1 ක් සේ ජයග්‍රහණය කරමින්,අසීරුවෙන් තෙවන ස්ථානයට පත් විය.කෙසේ නමුත් තරගාවලියේ 1st Baseman ලෙස ක්‍රිශ්ණ හපුආරච්චි සහ best outfielder ලෙ අමිල පුෂ්පකුමාර ඇගයීමට ලක් විය.



තරගාවලියට යන විටම 14 වන තරගාවලියේ සූරයෝ ලෙස පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට එම සූරතාවය දිනා ගැනීමෙන් පසුව හොඳ කලක් නොතිබිණ.සූරතාවයත් සමඟ පරිපාලනය වෙනස් වී වඩාත් හොඳ ගසකට කොටන්නට බේස්බේල් නිල මඬුළුවල පාරම්පරික හිමිකරුවන් ගත් උත්සාහය නැවතුණේ කෙසෙල් ගසක පැටලීය.නිශ්ශංක සේනාධිපති බේස්බෝල්වලින් ලැබෙන ලාභයක් නොමැති තැන ඉන් ඉවත්ව ගිය අතර,ක්‍රීඩා පරිපාලනයේ රසවත් බව සමඟ පැටලී සිටින අසංග සෙනවිරත්න පුටුවට ආවේ ඉනික්බිතිවය.ජාත්‍යන්තර සබඳතා දිනා ගැනීම,සහ දේශපාලන හැසිරීමට අවනත වීමේ ගති ලත්ෂණ ඇති අසංග,ඒ නිසාම වරක් විදේශිකයන් තමන් සභාපති පදවිය දරන අවධියේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවීම ගැන පවුම් 50000 ක දඩයකට යටත් වුවත්,අදත් රගර් පරිපාලනයට අසංගලාගේ පැමිණීමට පාවඩ එලන්නට දේශපාලනඥයන් කැමතිය.
නමුත් අවසාන මොහොතේ මේ තරගාවලියට බේස්බෝල් කණ්ඩායම සහභාගි වුණේම අසංගගේ ඒ දේශපාලන නම්‍යශීලීත්වය නිසාම විය යුතුය.අමාත්‍යංශය තරගාවලියට පිටත්ව යන්නට ඔන්න මෙන්න කියා තිබියදී ගුවන් ටිකට්වලට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් විය.එසේ නොවුණිනම් 14 වන බටහිර ආසියානු බේස්බෝල් සූරයෝ ලංකාවේය.
14 වන බේස්බෝල් සූරතාවයෙන් පසුව ක්‍රීඩකයින් පෙන් වූ දස්කම් තව දුරටත් තරගකාරි මට්ටමෙන් වර්ධනය කර ගන්නට වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයට නොතිබිණ.විදේශ කණ්ඩායම් සමඟ තරග සංචාර විශේෂ ක්‍රීඩකයින්ට විශේෂ පුහුණු මෙවැනි පසුබිමක් දකින්නට නොතිබුණු වටපිටාවක ජයග්‍රහණය පිළුණු වෙමින් තිබුණු අතර ජයග්‍රහණයේ මතක ඔසවාගෙන දිවීම හැරෙන්නට ඒ හැකියාවන් යාවත්කාලීන කරන්නට ඉඩක් දකින්නට නොතිබිණ.
මේ තත්ත්වය මත ඇතැම් දේ අනුග්‍රහ හැටියට ශ්‍රී ලංකාවට ගෙන එන්නට ජපන් පුහුණුකරු කෂුටෝ නොනාකා සමත් වූ අතර ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයද ඒවා බෙදා දෙන අවස්ථාවන් නියෝජනය කරන්නට තරම් හිතෛෂී විය.
කෂූටෝ සිය සමාජ ජාලය හරහා සටහනක් තබමින් කියන්නේ අවසන් සති හතක කාලය පමණ හරි පුහුණුවක් කරන්නට අවස්ථාව නොලැබුණ බවය.එසේම ක්‍රීඩකයින් තිදෙනෙක් එක් කර ගැනීමට අපොහොසත් වූ බව ද කියයි.ඉස්ලාමාබාද් හී දැඩි සීතල ගැන ඔහු සෘජුව නොකීව ද සඳහන් කරයි.එවැනි පරිසරයකට ආසන්න තැනෙක අවසාන කාලය පුහුණු විය යුතුව තිබුණත් එවැනි සැළසුමක් ක්‍රීඩා අමාත්‍යංශයට හෝ බේස්බෝල් සංගමයට නොතිබිණ.මේ පහසුකම් සහ පිළිගැනීම මත ඔහුට ලෝකඩ පදක්කම ප්ලැටිනම් වටින බව කියන්නේ මෙරට සමස්ත ක්‍රීඩා පරිපාලනයේ කම්මුලට නොදැනෙන සේ පහර දෙමින්ය.
නැත්නම් රන් පදක්කමක් දිනූ කණ්ඩායමකට ලෝකඩ පදක්කමක් ප්ලැටිනම් වටින බව කීම තාර්කික නැත.එහි ඇත්තේ උපහාසය ය.14 වන බේස්බෝල් සූරතාවය දිනා ගැනීමෙන් ඉනික්බිතිව ඊ ළඟ කුසලානය දක්වා එම කණ්ඩායම බලාගත් ආකාරය ගැන පරිපාලනයට එකතු කරන අවඥා සහගත බවය.
මතක තබා ගත යුත්තේ සූරතාවය අහිමි වීමටත් වඩා වන තරගාවලියට යන විට බංගලාදේශයට මුහුණ දෙන හැටිය.ඔවුන් ලෝකඩ පදක්කම සඳහා දුන් සටන සුළුවෙන් ගන්නට නොහැකිය.නමුත් සිතන්නට අපහසුය.විය හැකි එකම දේ මේ පුටුවල සිටින ගෙවලයන් සර්වබලධාරී ලෙස පිළිගන්නට එසේ පිළිගෙන ඔවුන් කියන පදේට නටන්නට පිරිස් හිඟ නැති වීමය.එය බේස්බෝල් සම්බන්ධ ඇත්තක් පමණක් නොවේය.ලංකාවේ ඇත්තක්ය.අපි මේ සංස්කෘතිය බේස්බෝල්වලින් ඉවත් කළ හැකි පරම්පරාවකට ආශිර්වාද කරන්නෙමු.එතෙක් පවුල් පරම්පරාවන් සමඟ බේස්බෝල් මේ ආකාරයට ගමන් යනු ඇත.
නිෂ්මන් රණසිංහ