*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුව හැටි මෙන්න – රාජිත සියල්ල හෙළිකරයි (VIDEO)

කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රු.කෝටි 320ක මුදල් වංචාවක් සිදුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

සයිනෝෆාම් එන්නත මුලින්ම ඇනවුම් කර ඇත්තේ පසුගිය 2021 ජුනි 22 වැනිදා වන අතර ඒ එන්නත් මාත්‍රා මිලියන 2ක් එක් එන්නතක් ඩොලර් 15 බැගින් වන බවත් නැවත දින 21ට පසු එනම් ජුලි 13 වැනි දින ද එන්නත් මිලියන 2ක් ඇනවුම් කර තිබෙන අතර ඒ එක් මාත්‍රාවක් ඩොලර් 7 බැගින් වන බවත් මෙහිදී රාජිත සේනාරත්න මහතා පෙන්වාදුන්නේය.

මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ මුලින් ඩොලර් 15 බැගින් වූ එන්නත් මාත්‍රාවක් පසුව ඩොලර් 7ක් බවට පත් වූයේ කෙසේද යන්නත් ඒ අනුව මේ එන්නත් මාත්‍රාවක සැබෑ මිල ඩොලර් 7 බවත් ඔහු අවධාරණ කරන ලදී.

ඒ අනුව එම ගණුදෙනුව හරහා රු කෝටි 320ක වංචාවක් සිදුකර තිබෙන බවයි මන්ත්‍රීවරයා පැහැදිලි කළේ.

සිදුව ඇති මෙම ගණුදෙනුව ගැන ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතුව ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

”අද මෙන්න මේ වගේ දේවල් කරන්න ගිහින් තමයි රට පුරා කොරෝනා වසංගතය පැතිරිලා තියෙන්නේ. අද එක පැත්තක ඩොලර් නැහැ කියනවා බඩු ගේන්න.කන්න නැහැ මිනිස්සුන්ට.බෙහෙත් නැහැ රෝහල්වල. නමුත් ඒ ඩොලර් වැඩිපුර වියදම් කරනවා, ඩොලර් 15 ගානේ.ගණන් හදාගන්නවා එක එක්කෙනාගේ සාක්කුවලට යන්න. මේක හින්දා තමයි මේ රජයේ ඉන්න අය පුළුවන් ඉක්මණට හම්බකරගන්න හදන්නේ. මොකද කාලය ඉතා කෙටියි කියල දන්නවා. මේක සිදුවුණේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ කාලේ. දැන් ඒ සභාපතිවරයා ඉක්මණටම පැනල දිව්වා.” යනුවෙන් සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan