ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි විසින් රුසියානු තෙල් මිලදී ගැනීම නතර කර ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ වෙනිසියුලාවෙන් තෙල් මිලදී ගැනීමට සුදානම් බව ප්‍රකාශ කිරීමත් සමඟ ඉන්දියානු භාණ්ඩ සඳහා වන එක්සත් ජනපද තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානම් බව ප්‍රකාශ කර තිබේ.

ඊයේ(02)දිනයේද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවති දුරකථන සංවාදයකින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශ කර තිබු අතර ‘අගමැති මෝදි කෙරෙහි ඇති මිත්‍රත්වය සහ ගෞරවය සහ ඔහුගේ ඉල්ලීම පරිදි, වහාම ක්‍රියාත්මක වන පරිදි, එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුමකට එකඟ වූ බවත්, ඩොලර් බිලියන 500 කට වඩා වටිනා ඇමරිකානු බලශක්ති, තාක්‍ෂණය, කෘෂිකාර්මික සහ අනෙකුත් නිෂ්පාදන මිලදී ගැනීමට ඉන්දියාව සුදානම් බවත්, එහි සඳහන් කර තිබිණ.

පසුගිය අගෝස්තු මාසයේදී, ට්‍රම්ප් විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා තීරුබදු සියයට 50 දක්වා දෙගුණ කළේ රුසියානු තෙල් මිලදී ගැනීම නවතා දමන ලෙස නවදිල්ලියට බලපෑම් කිරීම සඳහා වන අතර, මෙම මස මුලදී අනතුරු අඟවා තිබුණේ, එය තම මිලදී ගැනීම් සීමා නොකළහොත් අනුපාතය නැවත ඉහළ යා හැකි බවයි.

කෙසේ නමුත්, ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙක අතර මාස ගණනාවක් පුරා පැවති දැඩි වෙළඳ සාකච්ඡාවලින් පසුව මෙම ගනුදෙනුව සිදු වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...