අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) දිනයේදී පොලිස් මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒ, ඇයගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ “සිරිලිය සවිය” වැඩසටහනේ ගිණුම් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.

එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර ඇත.

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සම්බන්ධතා පවත්වා ඇත්දැයි ප්‍රශ්න කිරීම සඳහා නාමල් රාජපක්ෂව මෙසේ CIDය වෙත කැඳවා ඇති බව සඳහන්.

ඔවුන් දෙදෙනාටම පසුගිය සතියේදී ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන ලෙස අදාළ ආයතන විසින් දැනුම් දී තිබුණු නමුත් ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික හේතුවක් මතත් නාමල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක නිරතව සිටීම නිසාත් එම CIDය හා FCIDය වෙත පැමිණ සිටියේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...

අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...